Google සමාගම විසින් Samsung සමාගම සමග සහයෝගයෙන් දියුණු කරමින් සිටින තමන්ගේම "Whitechapel" SoC එක පිළිබඳව පස්සේ ගිය සතියෙ ලිපියකින් අපි ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති.

Google සමාගම විසින් Pixel 6 ජංගම දුරකථනය ඔවුන්ගේම Chipset එකක් මගින් බළගැන්වීමට සූදානම් වන ලකුණු
වසර කිහිපයක් තිස්සේ අසන්නට ලැබුණු පරිදි තමන්ගේම Chipset එකක් නිර්මාණය කිරීමේGoogle සමාගමේ ව්‍යාපෘතිය මේ වන විට යථාර්ථයක් බවට පත් පත්වෙමින් තිබෙන බව නවතමපුවත් මුලාශ්‍රයන් විසින් පෙන්වා දෙනවා. ඒ අනුව Whitechapel (GS101) ලෙස නම් කරන ලද Google සමාගමේ පළමු Chipset එක මඟින්ඔවුන්ගේ Pixel Smartphone ser…

මේ අතර නවතම වාර්තා පෙන්වා දෙන පරිදි, ජනප්‍රිය චීන දුරකථන සන්නාමයන් දෙකක් වෙන Xiaomi හා Oppo සමාගම් විසින්ද 5G පහසුකම සහිත, තමන්ගේම SoC (System on a Chip) එකක් ඔස්සේ සිය අනාගත mobile device නිර්මාණය කිරීමට සුදානමින් සිටින බව සඳහන් වෙනවා.

ඒ අනුව මෙම වසර අවසන් වීමට පෙර මෙම සමාගම් විසින් සිය SoC දැක්වීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, තායිවානයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ෂැංහයි හි SoC නිපදවන සමාගමක් වන Unisock සමාගම ඔවුන්ගේ Next generation 5G chipset නිපදවීමට සුදානමින් සිටින බව GSMArena වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

Oppo ගැන සදහනක් නැති වුවත්, Xiaomi විසින් තමන්ගේම චිප් සෙට් එකක් සම්බන්ධයෙන් වැඩ කරන පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර 2017 වසරේ දී ඔවුන් 28nm architecture මත නිර්මාණය කරන ලද Surge C1 (image signal processor) Chip එක මගින් බලගැන්වූ පළමු දුරකථනය "Xiaomi Mi 5c" නමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුබා.

මේ අනුව ඉදිරියේදි සිය Device සඳහා වඩාත්ම ගැලපෙන ආකාරයට SoC නිපදවා ගැනීමට බොහෝ ජංගම දුරකථන නිෂ්පාදකයින් පෙළඹෙමින් සිටින බව අනුමාන කළ හැකි අතර, මෙය පාරිභෝගිකයින්ගේ පැත්තෙන් ගත් ගත්කළ ඉතාම හොඳ තත්ත්වයක් වනු ඇති.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.