මාර්තු මස 23 වෙනිදා OnePlus සමාගම විසින් ඔවුන්ගේ OnePlus 9 series එළිදැක්වීමට නියමිතව ඇති බව මින් පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කලා ඔබට මතක ඇති.

මාර්තු 23 වැනි දින OnePlus 9 series එක එළිදැක්වීමට කටයුතු කරන බව OnePlus සමාගම නිළ වශයෙන් නිවේදනය කරයි
OnePlus සමාගම විසින් ඔවුන්ගේ මීළඟ ජංගම දුරකථන මාදිලි කිහිපය මීළඟ මාර්තු 23 වැනිදින එළිදැක්වීමට නියමිත බව මේ වන විට නිළ වශයෙන් නිවේදනය කර තිබෙනවා. මෙසේ එළිදැක්වීමට නියමිත OnePlus 9 ජංගම දුරකථන මාලාවේ camera එක improve කිරීමසඳහා ප්‍රසිද්ධ Swedish camera නිෂ්පාදකයෙකු වන Hasselblad සමාගම සම්බන්ධ කරගැ…

ඒ අනුව, ඊයේ දිනයේදී (23) Online event එකක් ලෙස පැවති OnePlus 9 Series Launch Event එකේදී OnePlus සමාගම විසින් OnePlus 9, OnePlus 9 Pro සහ OnePlus 9R (ඉන්දියාව සඳහා පමණක්) ලෙස ජංගම දුරකතන ත්‍රිත්වයක් එළිදැක්වීමට කටයුතු කළ අතර මෙහි විශේෂත්වය වුයේ ඉතාමත් විශිෂ්ට camera නිෂ්පාදකයන් ලෙස නමක් දිනාගෙන ඇති Hasselblad සමාගම සමග ඇති කරගෙන ඇති සහයෝගිතාවය මගින් මෙම දුරකතන සදහා ඇතුලත් කර ඇති නව camera පද්ධතියයි.

OnePlus 9 Pro

OnePlus සමාගම වෙතින් 2021 වසරේදී නිකුත් කළ top-end model එක OnePlus 9 Pro device එක වන අතර, මෙහි ඉදිරිය සහ පිටුපස Gorilla Glass වලින් නිර්මාණය කර ඇති අතර aluminum frame එකක්ද දැකගන්නට පුළුවන්.

ඊට අමතරව, OnePlus දුරකතන සදහා සුවිශේෂී වූ three-stage ringer switch එක මෙම මාදිලියේද පෙර පරිදි දැකගත හැකි වන අතර, මෙම දුරකථනයට 120Hzක refresh rate එකක් සහිත අගල් 6.7 ක QHD+ LTPO Fluid 2.0 AMOLED display එකක් අඩංගු වන අතර මෙම display එක Corning Gorilla Glass 5 මගින් ආරක්ෂා කර තිබෙනවා. එමෙන්ම එය HDR10+ සඳහාද සහය දක්වනවා.

OnePlus 9 Pro device එක සදහා top-tier Qualcomm Snapdragon 888 processor සමග 8GB RAM ධාරිතාවයක් සහිත 128GB model එකක් මෙන්ම, 12GB of RAM ධාරිතාවක් සහිත 256GB storage එකක් සහිත  model එකක් ද නිකුත් වී තිබෙනවා. මෙහි microSD card slot එකක් නොමැති අතර මෙහි 5G තාක්ෂණය ඇතුලත් වී තිබෙනවා.

OnePlus 9 Pro දුරකතනයට 4500mAh non-removable battery එකක් අන්තර්ගත වන අතර එය 65W fast charging සහ 50W wireless fast charging සඳහා සහාය දක්වනවා. මෙම wireless charger එක හරහා දුරකතනය විනාඩි 45 ක් තුළදී සම්පුර්ණයෙන්ම charge කරගැනීමේ හැකියාව පවතිනවා.

මෙහි camera setup  එකට අවධානය යොමු කිරීමේදී, මෙයට quad rear camera setup එකක් ලබාදී ඇති අතර එයට OIS පහසුකම සහිත 48 MP wide camera එකක්, 3.3x දක්වා optical zoom කළ හැකි, OIS සහිත 8 MP telephoto camera එකක්, 50 MP ultrawide camera එකක් සහ 2 MP depth sensor එකක් අන්තර්ගත වෙනවා.

මෙම camera setup එක භාවිතයෙන් 8K 30fps දක්වා videos capture කිරීමට මෙන්ම, 4K videos 120fps දක්වාත්, 1080p videos 240fps දක්වාත් record කරගැනීමේ හැකියාව ඇති අතර මෙහි front camera එකට 16 MP wide angle camera එකක් ලබාදී තිබෙනවා.

පෙර සඳහන් කළ ආකරයටම OnePlus සමාගම සුප්‍රසිද්ධ ඡායාරූප සමාගමක් වන Hasselblad සමාගම සමග ඇති කරගෙන ඇති සහයෝගිතාවය මගින් මෙම දුරකතන සඳහා ඉහළ camera experience එකක් ලබාගැනීමට පරිශීලකයන් හට අවස්තාව උදාවී තිබෙනවා.

එමෙන්ම, මෙහි Under Display Fingerprint එකක්, accelerometer, gyro, proximity, compass යන sensors ඇති අතර මෙම දුරකතනයට IP68-certified water and dust resistance පහසුකමද ලබාදී තිබෙනවා.

OnePlus 9 Pro 8GB/128GB model එක ඇමරිකානු ඩොලර් $969 කටත්, 12GB/256GB model එක ඇමරිකානු ඩොලර් $1,069 කටත් pre order කිරීමට මේ වනවිට හැකියාව තිබෙනවා.

OnePlus 9

OnePlus 9 device එකේද ඉදිරිය සහ පිටුපස Gorilla Glass වලින් නිර්මාණය කර ඇති නමුත් මෙහි දැකගැනීමට හැකිවන්නේ plastic frame එකක්ද වෙනවා.

ඊට අමතරව, මෙම දුරකතනයට 120Hzක refresh rate එකක් සහිත අගල් 6.55 ක Fluid AMOLED display එකක් තිබෙන අතර මෙම display එකත් Corning Gorilla Glass 5 මගින් ආරක්ෂා කර තිබෙනවා මෙන්ම HDR10+ සඳහාද සහය දක්වනවා.

OnePlus 9 device එක Snapdragon 888 processor එක මගින් බලගැන්වෙන අතර මෙය 8GB RAM ධාරිතාවයක් සහිත 128GB model එකක් මෙන්ම, 12GB of RAM ධාරිතාවක් සහිත 256GB storage එකක් සහිත  model එකක් ද නිකුත් වී තිබෙනවා. මෙම device එකේද microSD card slot එකක් නොමැති අතර මෙහි 5G තාක්ෂණය ඇතුලත් වී තිබෙනවා.

OnePlus 9 දුරකතනයට 4500mAh non-removable battery එකක් අන්තර්ගත වන අතර එයද 65W fast charging සඳහා සහාය දක්වන නමුත් wireless fast charging සඳහා සහාය දක්වන්නේ 15W දක්වා පමණක් වෙනවා.

මෙහි camera setup  එකට අවධානය යොමු කිරීමේදී, මෙයට triple rear camera setup එකක් ලබාදී ඇති අතර එයට 48 MP wide camera එකක්, 50 MP ultrawide camera එකක් සහ 2 MP depth sensor එකක් අන්තර්ගත වෙනවා. එමෙන්ම මෙහි front camera එකට 16 MP wide angle camera එකක් ලබාදී තිබෙනවා.

එමෙන්ම, මෙහි Under Display Fingerprint එකක්, accelerometer, gyro, proximity, compass යන sensors ඇති අතර OnePlus 9 දුරකතනයේ 8GB/128GB model එක ඇමරිකානු ඩොලර් $729 කටත්, 12GB/256GB model එක ඇමරිකානු ඩොලර් $829 කටත් pre order කිරීමට මේ වනවිට හැකියාව තිබෙනවා.

OnePlus 9R

මේ වසරේදී, OnePlus සමාගම විසින් OnePlus 9R යනුවෙන් තවත් device එකක් හඳුන්වාදීමට කටයුතු කල අතර එය ප්‍රධාන OnePlus 9 දුරකතන වලට වඩා තරමක් ලාභදායී variant එකක් වෙනවා.

මෙහි ඉදිරිය සහ පිටුපස Gorilla Glass වලින් නිර්මාණය කර ඇති අතර aluminum frame එකක්ද දැකගැනීමට හැකියාව තිබෙනවා.

ඊට අමතරව, මෙම දුරකතනයට 120Hzක refresh rate එකක් සහිත අගල් 6.55 ක Fluid AMOLED display එකක් තිබෙන අතර මෙම display එකත් Corning Gorilla Glass 5 මගින් ආරක්ෂා කර තිබෙනවා මෙන්ම HDR10+ සඳහාද සහය දක්වනවා.

OnePlus 9R device එක Snapdragon 870 5G processor එක මගින් බලගැන්වෙන අතර මෙය 8GB RAM ධාරිතාවයක් සහිත 128GB model එකක් මෙන්ම, 12GB of RAM ධාරිතාවක් සහිත 256GB storage එකක් සහිත  model එකක් ද නිකුත් වී තිබෙනවා. මෙම device එකේද microSD card slot එකක් නොමැති අතර මෙහි 5G තාක්ෂණය ඇතුලත් වී තිබෙනවා.

OnePlus 9R දුරකතනයට 4500mAh non-removable battery එකක් අන්තර්ගත වන අතර එයද 65W fast charging සඳහා සහාය දක්වනවා.

මෙහි camera setup  එකට අවධානය යොමු කිරීමේදී, මෙයට quad rear camera setup එකක් ලබාදී ඇති අතර එයට 48 MP wide camera එකක්, 16 MP ultrawide camera එකක්, 2 MP depth sensor එකක් සහ 5 MP macro sensor එකක් අන්තර්ගත වෙනවා. එමෙන්ම මෙහි front camera එකට 16 MP wide angle camera එකක් ලබාදී තිබෙනවා.

එමෙන්ම, මෙහි under display fingerprint එකක්, accelerometer, gyro, proximity, compass යන sensors ඇති අතර OnePlus 9R දුරකතනයේ 8GB/128GB model එක ඉන්දියානු රුපියල් ₹39,999 කටත්, 12GB/256GB model එක ඉන්දියානු රුපියල් ₹43,999 කටත් pre order කිරීමට මේ වනවිට හැකියාව තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිල OnePlus වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.