LG සමාගමෙහි smartphones අංශය පසුගිය වසර කිහිපය තුළ නිරන්තරයෙන් අසාර්ථක වූ අතර නවෝත්පාදනයන් රැසක් සිය ජංගම දුරකතනවලට ඇතුළත් කිරීමට ඔවුන් නිරන්තරයෙන් උත්සාහ කළද, ඔවුන්ගේ smartphones ව්‍යාපාරයෙන් සැලකිය හැකි මට්ටමේ ලාභයක් ලබා ගැනීමට ඔවුන් අසමත් වී තිබෙනවා.

LG සමාගම බොහෝවිට LG Wing වැනි වෙනස්ම ආකාරයේ සංකල්ප සමඟ සිය පාරිභෝගිකයන් හට නව අත්දැකීමක් ලබාදීමට උපරිම උත්සාහයක් දැරූවද එය එතරම් සාර්ථක බවක් දැකගැනීමට නොහැකි වෙනවා.

දකුණු කොරියානු පුවත්පතක් වන the Dong-A Ilbo පුවත්පත වාර්තා කරන ආකාරයට, LG සමාගම ඔවුන්ගේ smartphones අංශය විකිණීම සඳහා වියට්නාමයේ Vingroup JSC සහ ජර්මනියේ Volkswagen AG ආයතන සමඟ සාකච්ඡා කරමින් සිටි නමුත් මේ වනවිට එම සාකච්ඡා බිඳ වැටී ඇති බව පෙනන බැවින් ඔවුන් සිය smartphones ව්‍යාපාරය shut down කිරීමට ඉඩ ඇතැයි මේ වනවිට වාර්තා වෙනවා.

LG සමාගමෙහි ඉදිරියට එළිදැක්වීමට නියමිතව ඇති smartphones කිහිපයක්ද මේ වනවිට hold කිරීමට කටයුතු කර ඇති අතර LG V60 හි අනුප්‍රාප්තිකයා වන Rainbow device එකද මෙයට ඇතුළත් වෙනවා.

LG V60′s successor reportedly put on hold
LG has reportedly put field testing on its next smartphone on hold indefinitely.

එමෙන්ම, LG Rollable උපාංගයේ සංවර්ධන කටයුතු තවමත් සිදුවෙමින් පවතින බව වාර්තා වන නමුත් දුරකතනය වාණිජමය වශයෙන් එළිදැක්වුණු ඇතැයි සිතිය නොහැකි බව GSMArena වෙබ් අඩවිය වාර්තා කරනු ලබනවා.

කෙසේ වෙතත්, LG සමාගම සිය smartphones අංශය shut down කර දැමුවහොත් එය Android ecosystem එකට විශාල පාඩුවක් වනු ඇත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, Bloomberg වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.