Spotify සේවාව ශ්‍රී ලංකාවටද නිළ වශයෙන් ලබාදීමට පසුගියදා Spotify සමාගම කටයුතු කල අතර මේ වනවිට Spotify සමාගම විසින් මීට වසරකට පමණ පෙර සිය පරිශීලකයන් හට personalized experience එකක් ලබාදීම සඳහා නිර්මාණය කළ නව home interface එකට තවත් නැවුම්බවක් එක්කිරීමට සූදානමින් සිටිනවා.

මෙම නව home interface එකත් සමඟ, ඔබ recently play කළ playlists සහ podcasts පෙන්වන top grid එකෙහි නිම නොකළ podcast episodes ආදිය පෙන්වන බැවින් ඔබට ඒවා එක tap එකකින් නැවැත්වූ තැන සිට සවන්දීමට හැකියාව ලැබෙනවා. ඊට අමතරව ඔබ subscribe කර ඇති podcast මගින් අලුතෙන් episodes publish කළ විට එම podcasts නිල් තිතකින් පෙන්වනු ඇත.

එමෙන්ම home screen එකෙහි ඉහළින්ම, නව "history" button එකක් දැකගැනීමට හැකියාව ඇති අතර එමගින් පහසුවෙන් ඔබ මාස තුනක් පුරාවට ශ්‍රවණය කළ music සහ podcasts ආදිය දැකගැනීමට හැකියාව තිබෙනවා. එය individual tracks සහ podcast episodes මෙන්ම, album, playlist සහ shows ආදියද පෙන්වන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

අවසාන වශයෙන්, premium Spotify පරිශීලකයන් හට ඔවුන් follow කරන කලාකරුවන් සඳහා recommendation cards ලැබෙනු ඇති අතර Spotify සමාගම විසින් share කළ images පෙනෙන ආකාරයට, මෙම cards මගින් නිශ්චිත කලාකරුවෙකුගේ නව track එකක් ඉස්මතු කරන බවක් පෙනෙන නමුත් එය ඔබ follow කරන කලාකරුවන්ගෙන් music track පමණක් highlight කරනවාද යන්න හෝ ඔබගේ listening activity එක මත පදනම්ව recommendation cards පෙන්වීමට කටයුතු කරනවාද යන්න තවමත් පැහැදිලි නැත.

Spotify සමාගම පවසන්නේ මෙම නව layout එක ඉදිරි මාසය තුළ iOS සහ Android භාවිතා කරන Spotify පරිශීලකයන් වෙත rollout කරන බවයි, එබැවින් එය ඉදිරි සති කිහිපයක් තුළදී ලොවපුරා සිටින Spotify පරිශීලකයන් හට ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Spotify: Listen to podcasts & find music you love - Apps on Google Play
With Spotify, you can listen to music and play millions of songs and podcasts for free. Stream music and podcasts you love and find music - or your next favorite song - from all over the world. • Discover new music, albums, playlists and podcasts• Search for your favorite song, artist, or podcast…
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Spotify Newsroom, Engadget වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.