Rotatable, එහෙම නැතිනම් කරකැවිය හැකි තිරයක් සහිත උපාංගයක් නිකුත් කිරීමට LG සමාගම සූදානමින් සිටින බව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කර තිබෙනවා ඔබට මතක ඇති.

Rotatable තිරයක් සහිත LG Wing නම් දුරකථනයක් නිකුත් කිරීමට LG සමාගම සූදානම් වන ලකුණු
දකුණු කොරියානු තාක්ෂණික දැවැන්තයෙකු වන LG සමාගම LG wing නම් නවතම rotatableතිරයක් සහිත දුරකථනයක් වෙළඳපොලට නිකුත් කරන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බව මේ වනවිට වාර්තා වෙනවා. මෙම තොරතුරු තහවුරු කලේ දකුණු කොරියානු ප්‍රවෘත්ති මූලාශ්‍රයක් වන ETnews වෙබ්අඩවිය [https://www.etnews.com/20200511000263] වන අ…

කාර් එකක dashboard එකේ සවි කර ඇති ආකාරය පෙන්වන මෙම උපාංගයේ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙන අතර එම වීඩියෝවට අනුව මෙම කරකැවිය හැකි උපාංගය තිර දෙකකින් යුතු වන අතර යටින් ඇති තිරය දෙපසට කරකැවීමේ හැකියාව ලැබෙනවා.

එහි දී අඟල් 6.8 විශාල තිරයක් සිරස් අතට හා අඟල් 4 ක කුඩා තිරයක් හරස් අතට කරකවා ඇති බව හඳුනාගත හැකි අතර, විශාල තිරයේ Navigation App එකක් හා කුඩා තිරයේ Music Controller App ක්‍රියාත්මක වනු දැකිය හැකි වෙනවා.

මෙම app දෙක ක්‍රියාත්මක වන අවස්ථාවේ දී දී දුරකථන ඇමතුමක් පැමිණෙන බව ද දර්ශනය වන අතර එම ඇමතුමෙන් Navigation app එක ක්‍රියාත්මක වීම සඳහා කිසිදු බාධාවක් සිදු නොවී එම ඇමතුම UI එක කුඩා තිරයේ ප්‍රදර්ශනය කෙරෙනවා.

කොහොම උනත් මෙහි ඇති සුවිශේෂී design එක නිසාම, multitasking සම්බන්ධයෙන් මෙම උපාංගය මෙම වීඩියෝ එකේ පෙන්වනවාට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනු ඇතැයි අපේක්ෂා කල හැකි අතර මීටම අනන්‍ය වූ UI එකකින් පැමිණෙනු ඇතැයි ද උපකල්පනය කල හැකියි.

මෙහි ඇති වෙනත් පද්ධති හැකියාවන් පිළිබඳව වැඩි තොරතුරු වාර්තා වී නැති අතර Snapdragon 765 chipset එක හරහා මෙය බලගැන්වෙනු ඇති බවට අනුමාන කල හැකි වෙනවා.

කොහොම නමුත්, concept එකක් පමණක් වෙතැයි අනුමාන කල මෙම උපාංගය, මෙම වීඩීයෝවනිකුත් වීමත් සමඟ concept එකක් පමණක් නොවී ඇත්තම උපාංගයක් බවට පත් වී ඇති බව හා නුදුරේදීම වෙළඳපොලටද නිකුත් වීමට විශාල ඉඩක් තිබෙන බව අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.