Qualcomm යන නම ඇසුනු පමණින්ම සිහියට එන්නේ ඔවුන්ගේ mobile chipset සහ modem පිළිබඳව වන නමුත්, මේ වන විට ඔවුන් එයට සීමා නොවී තවත් අලුත් වෙළඳපොලකට ආමන්ත්‍රණය කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙනවා.

මේ අනුව Nintendo Switch එකට සමාන, එනමුත් Android මගින් බළගැන්වෙන gaming console එකක් නිර්මාණය කිරීමට Qualcomm සමාගම කටයුතු කරමින් සිටින අතර, මෙය ලබන වසරේ වෙළඳපොලට නිකුත් කිරීමට ඔවුන් බළාපොරොත්තු‍ වෙනවා.

බොහෝ විට මෙම උපාංගය Qualcomm Snapdragon 888 chipset එකට පසුව, මෙම වසරේ අග එළිදැක්වීමට නියමිත මීළඟ chipset එක මගින් බළගැන්වෙනු ඇති බවත්, සාමාන්‍යය expanded storage, cellular support, Bluetooth, GPS, haptic feedback, සහ accelerometers වැනි පහසුකම් වලට අමතරව 5G තාක්ෂණය හරහා cloud gaming සඳහා සහාය ලබාදීමට service provider වරුන් සමඟින් partnership එකක් ආරම්භ කිරීමට ද කටයුතු කරනු ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම Android 12 සංස්කරණය සමඟින් එළිදැක්වෙනු ඇති මෙම උපාංගය 6,000 mAh battery එකකින් ද සමන්විත වනු ඇති අතර, ඇමෙරිකානු ඩොළර් 300ක පමණ මිළකට වෙළඳපොලට හඳුන්වාදෙනු ඇති බව අනුමාන කෙරෙනවා.

මෙම උපාංගය පිළිබඳව තවමත් නිළ වශයෙන් තොරතුරු කිසිවක් වාර්තා නොවුණත්, ඉදිරි මාස කිහිපය ඇතුලත මේ පිළිබඳව තවත් තොරතුරු නිසැකවම අන්තර්ජාලයට එකතු වනු ඇත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.