චීනය හා ඇමෙරිකාව අතර ඇති වූ වෙළඳ යුද්ධය නිසාවෙන් පසුගිය මැයි මාසයේදී Google සමාගම විසින් Huawei සමාගම වෙත ලබා දී තිබූ Google Apps සම්බන්ධ License සියල්ල අත්හිටුවීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Google සමාගම විසින් Huawei සමාගමට ලබා දී තිබූ Android License එක අත්හිටුවීමට කටයුතු කරයි
ඇමෙරිකානු ජනාධිපති Donald Trump සහ ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ උපදෙස් හාරෙගුලාසි නිසාවෙන්, Google සමාගම විසින් Huawei සමාගම[https://en.wikipedia.org/wiki/Huawei] ඇතුළු තවත් ආයතන 70ක් සමඟින් සිදු කළ වෙළඳකටයුතු නවතා දැමීමට තීරණය කර තිබෙනවා. ඇමෙරිකානු රජය විසින් Huawei සමාගම ඇතුළු එහි අනුබද්ධි…

ඇතිවූ බරපතල තත්ත්වය හමුවේ එතැන් සිට මාස 3ක කාලයක් දක්වා තාවකාලිකව මේ අවසරය නැවතත් ලබාදීමට කටයුතු කර තිබුණද මෙම අගෝස්තු මාසය වන විට එම මාස තුනක කාලය ද අවසන් වී යනවා.

එමෙන්ම මීළඟ සැප්තැම්බර් 19 වැනි දින Huawei සමාගම විසින් ඔවුන්ගේ මීළඟ flagship ජංගම දුරකථනය වන Huawei Mate 30 ජංගම දුරකථනය එළදැක්වීමට සූදානමින් සිටින බව ද අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

මීළඟ සැප්තැම්බර් 19 වැනිදා Mate 30 Pro ජංගම දුරකථන එළිදැක්වීමට Huawei සමාගම සූදානම් වෙයි
Samsung සමාගම සිය ප්‍රමුඛතම Flagship Series එක වන Galaxy Note ජංගම දුරකථනයේඅලුත්ම සංස්කරණය නිකුත් කොට සතියක් ඉක්ම යන්නටත් මත්තෙන් Samsung හි ප්‍රධානමතරඟකරුවා වන Huawei සමාගමද සිය ප්‍රමුඛතම Flagship series එක වන Huawei Mate හිමීළඟ සංස්කරණය එළිදක්වන්නට සූදානම් වන බව වාර්ථා වෙනවා. Phablet ගණයට [https://en.wikipedia.org/wiki/Phablet…

කොහොම නමුත් මේ Mate 30 ජංගම දුරකථනය ඇතුළුව නිකුත් කිරීමට නියමිත කිසිඳු Huawei ජංගම දුරකථනයක් Google Apps සහ සේවාවන් සමඟින් වෙළඳපොලට ඉදිරිපත් කිරීමට Huawei සමාගමට නීත්‍යානුකූල අවසරයක් නොමැති බව Google සමාගම විසින් Reuters වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබෙනවා.

මේ අනුව YouTube, Google Play Store එක, Google Maps වැනි Google සමාගම සතු සේවාවන් කිසිවක් මේ Mate 30 හෝ වෙනත් අලුතින් නිකුත් වීමට නියමිත ජංගම දුරකථන වලට ඇතුලත් කිරීමේ හැකියාව Huawei සමාගමට අහිමි වී යනවා.

මෙම ජංගම දුරකථනයට අදාල Chips පිළිබඳව ARM සමාගම හා ඇතිකරගෙන තිබුණු එකඟතාවයන් පෙර සඳහන් කළ වෙළඳ තහනමට පෙර සිදු කර තිබීම නිසාවෙන් Kirin 990 chipset එක මෙම තහනමට හසු නොවන බව ද Reuters වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

පසුගිය ජුනි මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ තහනම ලිහිල් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කල ද තවමත් ඒ වෙනුවෙන් කිසිඳු පියවරක් ගැනීමට ඇමෙරිකානු රජය කටයුතු කර නොමැති බැවින්, මෙම තත්ත්වයට මුහුණ දීමට Huawei සමාගමට සිදුව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා BBC වෙබ් අඩවිය, Reuters වෙබ් අඩවිය හා The Guardian වෙබ් අඩවිය භාවිතා කළ හැක.