NASA ආයතනයේ ECOSTRESS පද්ධතියට අභ්‍යාවකාශයේ සිට Amazon වනාන්තරයේ ගින්න හඳුනාගත හැකි වෙයි

කතුවරයා
Dilanka Srimal
Save කරන්න
Share කරන්න

    ජ්‍යාතයන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි ස්ථාපනය කර ඇති ECOSTRESS (ECOsystem Spaceborne Thermal Radiometer Experiment on Space Station) එනම් තාප විකිරණ සංවේදන පද්ධතිය මගින් බ්‍රසීලය හා බොලීවියාව අතර Amazon වැසි වනාන්තරයේ ගින්න අගෝස්තු 28 වන දින තාප ඡායාරූපයට නැගීමේ හැකියාව ලැබී තිබෙනවා.

    මෙම ඡායාරූපයේ රතු වර්ණයෙන් දිස්වන්නේ නැගෙනහිර බොලීවියාවේ සහ උතුරු බ්‍රසීලයේ කොටස් වන අතර ඒ ECOSTRESS හි සංවේදීතාවය අභිබවා ගිය අවස්ථාවන් (දළ වශයෙන් ෆැරන්හයිට් අංශක 220 ක් හෝ සෙල්සියස් අංශක 104 ක්) වන අතර ගිනි පෙරමුණු දිගේ දැවෙන ප්‍රදේශ ඉස්මතු කරයි.

    අදුරු highlighted ප්‍රදේශවල ඝනකම් දුමාරයක් දක්නට ලැබෙන අතර ගින්නෙන් වැඩි ප්‍රමාණයක් නොපෙනී යාමට තරම් දුමාරයේ ඝනත්වය වැඩි බව ඔවුන් පෙන්වා දෙනවා.

    ‌‌ECOSTRESS හි ප්‍රධාන රාජකාරිය වන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ශාකවල වල උෂ්ණත්වය මැනීම ආදී පර්යේෂණ කටයුතුයි වුවත් ගිනි කඳු වැනි තාපවිකිරණ ආශ්‍රිත වෙනත් සංසිද්ධි ද එයට හඳුනාගැනීමේ හැකියාව තිබෙනවා.

    ජ්‍යාතයන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ භූස්ථාවර කක්ෂය නිසා, වෙනත් කක්ෂවල චන්ද්‍රිකා මෙන් දිවා කාලයේදී සෑම ප්‍රදේශයක්ම ආවරණය කරනවා වෙනුවට, ECOSTRESS පද්ධතියට එකම ප්‍රදේශයක පින්තූර (විවිධ වේලාවන්වල ඉහළින් ගමන් කරන විට) ලබාගැනීමේ හැකියාවක් ඇත. ඇමසන් වැනි වසරේ වැඩි කාලයක් වලාකුළු වලින් ආවරණය වී පවතින ප්‍රදේශවල වලාකුළු රහිත චායාරූප ලබා ගැනීමට මෙය විශේෂයෙන් වැදගත් වේ.

    Welcome to ECOSTRESS — ECOSTRESS
    The ECOsystem Spaceborne Thermal Radiometer Experiment on Space Station (ECOSTRESS) will measure the temperature of plants and use that information to better understand how much water plants need and how they respond to stress. Plants regulate their temperature by releasing water through tiny pore…
    ECOSTRESS පද්ධතියේ නිළ වෙබ් අඩවිය

    ECOSTRESS සංවේදන පද්ධතිය ජ්‍යාතයන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට දියත් කරන ලද්දේ 2018 ජුනි 29 වැනි දින වන අතර කැලිෆෝනියා පැසඩෙනා වල පිහිටි නාසා ආයතනයේ ජෙට් පර්යේෂණ විද්‍යාගාරය හා වොෂිංටන්හි නාසා ආයතනයේ මූලස්ථානය මගින් ජ්‍යාතයන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙනුවෙන් ECOSTRESS පද්ධතියේ මෙහෙයුමෙහි පරිපාලන හා කළමනාකරණය කටයුතු කරයි.

    මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ NASA වෙබ් අඩවිය, Scitechdaily වෙබ් අඩවිය හා Space.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.