තාක්ෂණික ලොව දැවැන්තයෙකු වන Microsoft සමාගම සිය මීළඟ විශාලතම දෘඩාංග එළිදැක්වීමේ උත්සවය එළැඹෙන ඔක්තෝම්බර් 2 වන දා New York City හි දි පැවැත්වීමට තීරණය කොට ඇත.

Windows හි නිල ලාංඡනය ඇතුලත් ඇරයුම් පතක් අන්තර්ජාලයට එක් කරමින් සමාගම මේ බව තහවුරු කර සිටින අතර මෙය හුදෙක්ම දෘඩාංග එළිදැක්වීමක් පමණක්ම නොව, Windows හි මීළඟ සංස්කරණය  පිළිබඳ ඉඟියක්ද ලබා දෙනු ඇති බව අනුමාන කෙරෙනවා.

එමෙන්ම මෙහිදී Microsoft සමාගම සතු බලවත් හා ජනප්‍රියම Laptop පෙළෙහි මීළඟ සංස්කරණය වන Surface Laptop 3 මෙන්ම Surface pro 7 හා Surface Book 3 ද එළිදැක්වීමට නියමිත වෙනවා.

මීට අමතරව Surface Earbuds උපාංගය හා ඊට අමතරව දකුණු පස පිහිටි Windows key එක වෙනුවට අලුතින්ම පිහිටුවන Office Key එකකින් සමන්විත නවතම Keyboard එක එළිදැක්වීම ද නියමිත වන බව වාර්ථා වෙනවා.

Microsoft සමාගමෙහි පළමු Windows Core මෙහෙයුම් පද්ධති (WCOS) උපාංග අතර  සිටින CENTURUS නම් ද්විත්ව තිර උපාංගයද මෙහිදී එළිදැක්වීමට නියමිත බව වාර්තා වන නමුත් මෙම උපාංගය සඳහා සහය දැක්වීමට නියමිත Windows Lite මෙහෙයුම් පද්ධතිය තවම නිල වශයෙන් නිකුත් කර නැත.

කොහොම නමුත් Microsoft සමාගම ලබන වසරේ සිට Windows Lite මෙහෙයුම් පද්ධතිය සහිත උපාංග වෙළඳපොලට නිකුත් කිරීමට සූදානමින් පසු වන බව ද දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, TechCrunch වෙබ් අඩවිය හා GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.