Samsung සමාගම සිය ප්‍රමුඛතම Flagship Series එක වන Galaxy Note ජංගම දුරකථනයේ අලුත්ම සංස්කරණය නිකුත් කොට සතියක් ඉක්ම යන්නටත් මත්තෙන් Samsung හි ප්‍රධානම තරඟකරුවා වන Huawei සමාගමද සිය ප්‍රමුඛතම Flagship series එක වන Huawei Mate හි මීළඟ සංස්කරණය එළිදක්වන්නට සූදානම් වන බව වාර්ථා වෙනවා.

Phablet ගණයට අයිති Mate series එකේ පළමුවැනි ජංගම දුරකතනය 2013 වර්ෂයේදී නිකුත් වූ අතර එය Huawei Ascend Mate ලෙස නම් කිරීමට ඔවුන් කටයුතු කර තිබුණා.

එතැන් පටන් නව්‍යතාවයන් රැසක් සමඟ වසරෙන් වසර අලුත් වූ Mate දුරකතන පෙළ Mate 30 සහ Mate 30 Pro ජංගම දුරකථන සමඟින් සූදානම් වන්නේ එහි මීළඟ පියවර තැබීමටයි.

පසුගිය සතියේ චීනයේ පැවති සමාගමේ සංවර්ධක සමුළුවේදී පැවති සාකච්ඡාවකදී Mate 30 යුරෝපයට බෙදාහැරීමට සූදානම් බව Huawei සමාගමේ ආචාර්ය Wang Chenglu මහතා වාර්තාකරුවන්ට පැවසූ බව රුසියානු ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන high-tec-mail.ru වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

එමෙන්ම නවතම Kirin 990 chipset එක සමඟින් Mate 30 සහ Mate 30 Pro ජංගම දුරකථන සැප්තැම්බර් 19 වනදා යුරෝපයේදී එළිදැක්වීමට නියමිත වන බව ද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ අලුත්ම Chip set එකෙහි ප්‍රධානම වාසිය ලෙස බැටරි power එක භාවිතා වීම අඩුවීම මෙන්ම ඉහළ කාර්‍ය්ක්ශමතාවයක් ලබා දීම බව ද 40MP ප්‍රධාන කැමරා දෙකක් සමඟ සම්පුර්ණ කැමරා තුනකින් සමන්විත පිටුපස කැමරා පද්ධතියක් සහිත වනු ඇති බව ද වාර්ථා වෙනවා.

කොහොම නමුත් Huawei ආයතනය Mate 30 pro දුරකතන පෙළ සිය නවතම Harmony OS එක සමඟ නිකුත් කිරීමට කටයුතු නොකරනු ඇති අතර එය බොහෝවිට Android Q මත පදනම් වූ අලුත්ම EMUI 10 interface එක සමඟින් නිකුත් කරනු ඇති බව විශ්වාස කෙරෙනවා.

මේ වන විටත් ඇමරිකාවේ Trump පරිපාලනය විසින් Huawei වෙත පනවන ලද ජාත්‍යන්තර වෙළඳ තහනම තාවකාලිකව ඉවත් කර ඇති බැවින් Huawei වෙත Google සමඟ කටයුතු කිරීමෙ හැකියාව නැවත ලැබී ඇති නිසා මෙම අලුත්ම දුරකතන ද්විත්වයට Google Update නොලැබීමෙ අවදානම ඉවත් වී තිබේ.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය හා The Next Web වෙබ් අඩවිය භාවිතා කළ හැක.