Huawei සමාගම අලුතෙන්ම නිකුත් කළ සිය නවතම Samartphone එක වෙන්නේ Huawei Mate 40 Pro ජංගම දුරකථනය වන අතර එය සීඝ්‍ර අලෙවිය නිසාවෙන් මේ වන විට out of stock තත්ත්වයට පත්වී තිබෙනවා.

විශේෂයෙන්ම JD.com වෙබ් අඩවිය කිහිපවරක්ම සඳහන් කළ ආකාරයට මෙම නවතම flagship උපාංගය සඳහා අධික ඉල්ලුමක් ඇතිවී තිබෙන අතර සිය වෙබ් අඩවිය තුළ සියලුම ඒකක ඉතා ඉක්මනින් විකිණී අවසන් වුණු බව සඳහන් කර තිබුණා.

5nm Kirin 9000 chipset එකත් සමඟින් නිකුත් කල Huawei Mate 40 Series එකේ Pre Orders තත්පර 28 ක් තුළ අලෙවි වී අවසන් වෙයි
Huawei සමාගම විසින් ඔක්තෝබර් 22 වෙනිදා ඔවුන්ගේ Mate 40 Series එක එළිදැක්වීමටනියමිත බව මින් පෙර ලිපියකින් අප ඔබව දැනුවත් කළා මතක ඇති. Huawei Mate 40 series එක මීළඟ ඔක්තෝබර් 22 වැනි දින එළිදැක්වීමට Huawei සමාගමසූදානම් වෙයිHuawei සමාගමේ Kirin chipset එක සමඟින් නිකුත් වනු ඇති අවසාන ජංගමදුරකථන මාලාවH…

කොහොම නමුත් වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය තරම් තොග නිෂ්පාදනය සඳහා Huawei සමාගම මේ වන විට අපොහොසත් වී තිබෙන බව දැනගන්නට ලැබෙන අතර ඊට හේතුව වී තිබෙන්නේ උපාංගය සඳහා අවශ්‍ය chipset වල සැපයුම දාමය බරපතළ ලෙස බිඳවැටී තිබීමයි.

එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් සිය smartphones සඳහා chips හිඟ වී ඇති බව Huawei සමාගම ප්‍රකාශ කරයි
ලොව විශාලතම smartphone නිෂ්පාදකයෙකු වන Huawei සමාගමට එරෙහිව එක්සත් ජනපදය විසින්යොදා ඇති සම්බාධක හේතුවෙන් ඔවුන්ගේ processor chips අවසන් වෙමින් පවතින බව TheAssociated Press වෙබ් අඩවිය[https://apnews.com/270e93e985733a4d086c06a01375cea0] විසින් වාර්තා කරනු ලබනවා. Huawei සමාගමෙහි පාරිභෝගික ව්‍යාපාර …

විශේෂයෙන්ම මෙම Mate 40 Pro series එක සඳහා භාවිතා කරන Huawei Hisilicon Kirin 9000 chipset එක සඳහා අවශ්‍ය තරම් තොග නොලැබී යාම මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන බව දැනගන්නට ලැබෙන අතර වෙළෙඳපොළ තුළ ඇතිවී තිබෙන අධික ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබා දීමට තම සමාගම අසමත් බව Huawei සමාගම විසින් ද සඳහන් කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

HiSilicon Kirin chip එකක් සමඟින් නිකුත් වන අවසාන ජංගම දුරකථනය Huawei Mate 40 ජංගම දුරකථනය වනු ඇති බව වාර්තා වෙයි
Huawei සමාගම සහ ඇමෙරිකානු වෙළඳ තහනම ගැන දැනටමත් ඔබ බොහෝ කරුණු දන්නවා ඇති අතර,පසුගිය මැයි මාසයේදී Huawei සමාගමට අයත් HiSilicon ආයතනය සමඟින් ARM ආයතනය වෙළඳසබඳතා අවහිර කිරීම පිළිබඳව අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Huawei සමාගමේ HiSilicon chipset නිෂ්පාදනය අඩපණ කරමින් ARM ආයතනය ද වෙළඳ සබඳතාඅවහිර කරයිGo…

දැනට Huawei සමාගමට මෙම chipset නිශ්පාදනය කිරීමට හැකියාවක් නොමැති නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන අතර, නමුත් ඉදිරියේදී ඔවුන් මේ සඳහා විසඳුමක් සොයාගනු ඇතැයි අනුමාන කළ හැකි වෙනවා.

අමෙරිකානු සම්බාධක හමුවේ Huawei සමාගමට මෙම තත්ත්වයට මුහුණ දීමට සිදු වී තිබෙන බව ඔබ දැනටමත් දන්නා කාරණාවක් වන අතර, මේ පීඩනය නිසාම චීන වැසියන් විසින් සිය රටේ නිෂ්පාදනය කරන නිෂ්පාදනවලට වැඩි ප්‍රමුඛත්වයක් ලබාදෙමින් සිටින අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගත වූ වසර දෙකක පමණ කාලයක සිට චීනය තුළ පමණක් Huawei උපාංග සඳහා අධික ඉල්ලුමක් ඇතිවී තිබෙනවා.

ඒ අනුව වෙළෙඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ chipset නිෂ්පාදනය කිරීමට හෝ Qualcomm, Samsung, Mediatek වැනි සමාගම් වලින් ඒවා මිලදී ගැනීමට සමාගමට අවසර ලැබෙන තුරු, පවත්නා කොටස් අලෙවි කිරීමෙන් පසු Huawei සමාගමට Mate 40 Pro හෝ Pro Plus මාදිලි වෙළඳපොලට නිකුත් කිරීමට නොහැකි වන තත්වයක් ඇති වනු ඇති බවයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ Gizchina වෙබ් අඩවිය භාවිතා කළ හැක.