Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone 12 ජංගම දුරකථන මාලාව එළිදැක්වීමේදී ප්‍රසිද්ධියට පත් කළ අලුත් පහසුකම් වලින් එකක් වන MagSafe තාක්ෂණය පිළිබඳව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

මේ MagSage තාක්ෂණය හරහා ජංගම දුරකථනයට wireless charger එකක් සම්බන්ධ කිරීමේදී එය නිසි ආකාරයට ස්ථානගත කිරීම මූලික පරමාර්ථය වූ අතර, එයින් නොනැවතී මේ පහසුකම භාවිතා කරමින් විවිධ ආකාරයේ Cases, Wallets වැනි දෑ ද භාවිතා කිරීමේ හැකියාව ඇති බව ඔවුන් පෙන්වාදෙනු ලැබුවා.

මේ වන විට Apple සමාගම විසින් තමන්ගේ iPhone ජංගම දුරකථනයට ගැලපෙන ආකාරයේ MagSafe උපාංග තෝරාගත හැකි, මෙන්ම ඒවා මිලදීගත හැකි වෙබ් අඩවියක් එළිදැක්වීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

මේ පහසුකම Apple Watch Studio එකට තරමක් සමාන වන නමුත්, desktop browser වලින් පැමිණෙන පරිශීලකයින් හට QR Code එක හෝ වෙබ් ලිපියන භාවිතා කරමින් tablet එකක් හෝ ජංගම දුරකථනයක් හරහා පැමිණෙන ලෙස හරවා යැවීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

iPhone 12 Studio නමින් හැඳින්වෙන මෙම වෙබ් අඩවිය හරහා iPhone 12, iPhone 12 mini, iPhone 12 Pro, සහ iPhone 12 Pro Max යන මාදිලි වල දැනට ඇති සියළුම colors වලින් දැකගත හැකි වන අතර, එම මාදිලි වලට ගැලපෙන විවිධ වර්ණ වලින් යුතු MagSafe Wallets භාවිතා කරන විට එහි පෙනුම දැකගත හැකි ආකාරයේ virtual environment එකක් ලබාදෙනු ලබනවා.

මේ ආකාරයෙන් තමන් කැමති ආකාරයේ iPhone 12 මාදිලියකට, ගැලපෙන MagSafe උපාංග සවිකර අවසන් වූ විට පරිශීලකයාගේ නම ඇතුලත් කිරීමට අවස්ථාවක් ලබාදෙන අතර, ඉන් පසුව #iPhone12studio යන hashtag එක ඇතුලත් වන ඉහත ආකාරයේ image එකක් download කරගැනීමේ හැකියාව ද ලබාදෙනවා.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ පරිශීලකයින් මෙම MagSafe උපාංග භාවිතා කිරීම වෙත යොමු කිරීම වන අතර එම වෙබ් අඩවිය හරහා ම අදාල උපාංග මිලදීගැනීමේ හැකියාව ද ලබාදීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple Experience වෙබ් අඩවිය, Apple Insider වෙබ් අඩවිය සහ Mac Rumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.