තායිවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය විසින් නොවැම්බර් 6 වනදා Long March-6 රොකට්ටුව මඟින් නව චන්ද්‍රිකා 13 ක් පමණ කක්ෂගත කිරීමට කටයුතු කළ අතර එම 13 අතර තිබූ එක චන්ද්‍රිකාවක් 6G තාක්ෂණය අත්හදාබැලීමේ චන්ද්‍රිකාවක් වන බව වාර්තා වෙනවා.

ඒ අනුව ලොව පළමු 6G තාක්ෂණය අත්හදාබැලීමේ චන්ද්‍රිකාව මෙලෙස කක්ෂගත කර තිබෙන අතර එම චන්ද්‍රිකාව "University of Electronic Science and Technology" ලෙස නම් කර තිබුණා.

Tianyan 05 Satellite ලෙස ද නම් කර තිබෙන මෙම 6G තාක්ෂණය සහිත චන්ද්‍රිකාව Chengdu Guoxing Aerospace Technology Co., Ltd, Electronic Science and Technology of China විශ්වවිද්‍යාලය සහ Beijing Weinaxingkong Technology Co., Ltd යන ආයතන වල සහයෝගීතාවයෙන් සංවර්ධනය කර තිබෙනවා.

භූමියේ දුරස්ථ සංවේදක නිරීක්‍ෂණය සඳහා එය ප්‍රධාන වශයෙන් භාවිතා භාවිතා කරනු ඇති අතර ඊට අමතරව නාගරික ඉදිකිරීම්, කෘෂිකාර්මික හා වන විද්‍යා ආපදා අධීක්ෂණ සහ වෙනත් කර්මාන්ත සඳහාද සේවා සැපයීම සිදු කිරීමට නියමිතයි.

70kg බරකින් යුත් මෙම 6G තාක්ෂණය සහිත චන්ද්‍රිකාව ඉහත කාර්යයන් වලට අමතරව Terahertz (THz) transmission සම්බන්ධ පරීක්ෂණ සඳහා සහාය වීමට ද නියමිත වෙනවා.

අභ්‍යවකාශය තුළ පරීක්ෂා කරනු ලබන terahertz සන්නිවේදනයේ පළමුවැනි තාක්ෂණික verification එක මෙය වනු ඇති බව Electronic Science and Technology University එකේ මහාචාර්යය Xu Yangsheng විසින් ප්‍රකාශ කර සිටිනවා.

පසුගිය 2019 වර්ෂයේදී Huawei සමාගම විසින් 6G තාක්ෂණය පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කළ බවත්, මෙම වසරේදී Samsung සමාගම විසින් 6G තාක්ෂණය පිළිබඳව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizchina වෙබ් අඩවිය සහ Asia Times වෙබ් අඩවිය භාවිතා කළ හැක.