Huawei සමාගම විසින් ඔක්තෝබර් 22 වෙනිදා ඔවුන්ගේ Mate 40 Series එක එළිදැක්වීමට නියමිත බව මින් පෙර ලිපියකින් අප ඔබව දැනුවත් කළා මතක ඇති.

Huawei Mate 40 series එක මීළඟ ඔක්තෝබර් 22 වැනි දින එළිදැක්වීමට Huawei සමාගම සූදානම් වෙයි
Huawei සමාගමේ Kirin chipset එක සමඟින් නිකුත් වනු ඇති අවසාන ජංගම දුරකථන මාලාවHuawei Mate 40 ජංගම දුරකථන මාලාව වනු ඇති බව මීට පෙර අවස්ථාවක අපි ඔබව දැනුවත් කළාමතක ඇති. HiSilicon Kirin chip එකක් සමඟින් නිකුත් වන අවසාන ජංගම දුරකථනය Huawei Mate 40ජංගම දුරකථනය වනු ඇති බව වාර්තා වෙයිHuawei සමාගම සහ ඇමෙර…

ඒ අනුව ඊයේ දිනයේ පැවති online event එක ඔස්සේ Mate 40 Series එකට අමතරව Huawei EyeWear II, FreeBuds Studio, Porsche Design Huawei Watch GT2 යන උපාංගද එළිදැක්වීමට Huawei සමාගම කටයුතු කළ අතර Huawei Mate 40 Series එකට Mate 40, Mate 40 Pro, Mate 40 Pro+ සහ Porsche Design Mate 40 RS ලෙසින් උපාංග 4 ක් ඇතුලත් වෙනවා.

එමෙන්ම මේ Huawei Mate 40 series එක එළිදැක්වීමෙන් අනතුරුව, JD.com වෙබ් අඩවිය හරහා pre-order කිරීමේ හැකියාව නිළ වශයෙන් ලබාදීමට කටයුතු කළ අතර, මේ pre-order කිරීමේ හැකියාව ලබාදීමෙන් තත්ත්පර 28ක් ඇතුලත එහි අලෙවි කිරීමට යොමු කර තිබුණු සියළුම ඒකකයන් අලෙවි වී අවසන් වූ බව ද වාර්තා වෙනවා.

කොහොම නමුත් මේ තත්ත්වය හමුවේ කෙතරම් devices ප්‍රමාණයක් සඳහා ඇනවුම් ලබාගත්තද යන්න හෙළි කිරීමට ඔවුන් කටයුතු නොකලත්, මිලියන 4ක් පමණ ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් මෙය සජීවීව නැරඹීමට එකතු වී සිටි බව දැනගන්නට ලැබෙනවා.

Huawei Mate 40

Huawei Mate 40 ජංගම දුරකතනය සඳහා 2376 x 1080p resolution එකක්, 90Hz refresh rate එකක් සහ 240Hz touch sampling rate එකක් සහිත අඟල් 6.5 ක flexible OLED panel එකක් අන්තර්ගත වන අතර මෙහි In-display fingerprint scanner එකක්ද අන්තර්ගත වෙනවා.

Mate 40 ජංගම දුරකතනය Huawei Kirin 9000E chipset එකකින් බලගැන්වෙන අතර 8GB RAM එකක් සහ 128GB storage එකක්ද අන්තර්ගත වෙනවා.

එමෙන්ම, Mate 40 ජංගම දුරකතනයෙහි 4200mAh battery එකක් ඇති අතර එය 40W wired charging සඳහා සහාය දක්වනවා.

මෙහි rear camera module එක දෙස අවධානය යොමුකිරීමේදී, primary camera එක ලෙස 50MP wide angle camera එකක්, 16MP ultra-wide angle camera එකක් සහ OIS වලින් සමන්විත 8MP telephoto camera එකක් අන්තර්ගත වන අතර මෙහි front camera එක සඳහා 13MP wide angle camera එකක් දැකගැනීමට හැකියාව ලැබෙනවා.

Huawei Mate 40 Pro

Huawei Mate 40 Pro ජංගම දුරකතනය සඳහා 2772 x 1344p resolution එකක්, 90Hz refresh rate එකක් සහ 240Hz touch sampling rate එකක් සහිත අඟල් 6.76 ක flexible OLED panel එකක් අන්තර්ගත වන අතර මෙයට In-display fingerprint scanner එකක් මෙන්ම 3D Face unlock පහසුකමද අන්තර්ගත වෙනවා.

Mate 40 Pro දුරකතනය Huawei Kirin 9000 chipset එකකින් බලගැන්වෙන අතර 8GB RAM එකක් සහ 256GB storage එකක් මෙන්ම Huawei සමාගමෙහි NM card expansion slot පහසුකමද අන්තර්ගත වෙනවා.

එමෙන්ම, Mate 40 Pro ජංගම දුරකතනයෙහි 4,400mAh dual cell battery එකක් අන්තර්ගත වන අතර එය 66W wired fast charging සඳහාත්, 50W wireless fast charging ස‍ඳහා මෙන්ම reverse wireless charging සඳහාත් සහාය දක්වනවා.

මෙහි rear camera module එක දෙස අවධානය යොමුකිරීමේදී, primary camera එක ලෙස 50MP wide angle camera එකක්, 20MP ultra-wide angle camera එකක් සහ OIS වලින් සමන්විත 12MP telephoto camera එකක් අන්තර්ගත වන අතර මෙහි front camera එක සඳහා 13MP wide angle camera එකක් සහ 3D depth sensing camera එකක් දැකගැනීමට හැකියාව ලැබෙනවා.

Huawei Mate 40 Pro+

Huawei Mate 40 Pro+ ජංගම දුරකතනය සඳහා 2772 x 1344p resolution එකක්, 90Hz refresh rate එකක් සහ 240Hz touch sampling rate එකක් සහිත අඟල් 6.76 ක flexible OLED panel එකක් අන්තර්ගත වන අතර මෙයටද Mate 40 Pro ජංගම දුරකතනයේ මෙන් In-display fingerprint scanner එකක් සහ 3D Face unlock පහසුකමද අන්තර්ගත වෙනවා.

Mate 40 Pro දුරකතනය Huawei Kirin 9000 chipset එකකින් බලගැන්වෙන අතර 12GB RAM එකක් සහ 256GB storage එකක් මෙන්ම Huawei සමාගමෙහි NM card expansion slot පහසුකමද අන්තර්ගත වෙනවා.

එමෙන්ම, Mate 40 Pro+ ජංගම දුරකතනය සඳහාද, Mate 40 Pro ජංගම දුරකතනයේ මෙන් 4,400mAh dual cell battery එකක් අන්තර්ගත වන අතර එය 66W wired fast charging සඳහාත්, 50W wireless fast charging ස‍ඳහා මෙන්ම reverse wireless charging සඳහාද සහාය දක්වනවා.

මෙහි rear camera module එකෙහි primary camera එක ලෙස OIS සමන්විත 50MP wide angle camera එකක්, 20MP wide-angle camera එකක්, OIS සමන්විත 12MP 3x telephoto camera එකක් සහ 8MP 10x SuperZoom camera එකක් මෙන්ම 3D depth sensing camera එකක්ද අන්තර්ගත වන අතර front camera එක සඳහා 13MP wide-angle camera එකක් සහ 3D depth sensing camera එකක්ද දැකගැනීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම Porsche Design Huawei Mate 40 RS ජංගම දුරකතනයෙහි specifications Huawei Mate 40 Pro+ ජංගම දුරකතනයෙහි specifications වලට බොහෝදුරට සමාන වන අතර Porsche Design Huawei Mate 40 RS ජංගම දුරකතනයෙහි rounded octagon-shaped camera module එකක් දැකගැනීමට හැකියාව ලැබෙනවා.

Mate 40 Series එකෙහි හඳුන්වා දුන් සියලුම ජංගම දුරකතනවල connectivity options ලෙස 5G පහසුකම, Bluetooth 5.2, Wi-Fi 6 සහ NFC පහසුකම් අන්තර්ගත වන අතර, මෙම devices සියල්ලම Android 10 පදනම් කරගත් EMUI 11 මගින් බලගැන්වෙන අතර මෙහි Google Mobile Services නොමැති අතර ඒ වෙනුවට Huawei Mobile Services අඩංගු වෙනවා.

Mate 40 Series එකෙහි මිල ගණන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී, Huawei Mate 40 (8GB+128GB) ජංගම දුරකතනය යුරෝ €899 ක් ලෙසත්, Huawei Mate 40 Pro (8GB+256GB) ජංගම දුරකතනය යුරෝ €1,199 ක් ලෙසත්, Huawei Mate 40 Pro+ (12GB+256GB) ජංගම දුරකතනය යුරෝ €1,399 ක මිලකට සහ Porsche Design Huawei Mate 40 RS (12GB+512GB) ජංගම දුරකතනය යුරෝ €2,295 ක මිලකට ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

Mate 40 සහ Mate 40 Pro ජංගම දුරකතනය Black, White, Mystic Silver, Green සහ Yellow ලෙස color variants 5 කින්ද, Mate 40 Pro+ ජංගම දුරකතනය Ceramic white සහ Ceramic black ලෙස color variants 2 කින්ද දැකගැනීමට හැකියාව ලැබෙනවා.

කෙසේවෙතත්, Mate 40 Series එක වෙළදපලට නිකුත් කරනු ලබන කාලවකවානුවක් පිළිබඳව Huawei සමාගම තවමත් ප්‍රකාශ කර නොමැත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Huawei නිළ වෙබ් අඩවිය (1), (2), (3) සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.