Huawei සමාගම සහ ඇමෙරිකානු වෙළඳ තහනම ගැන දැනටමත් ඔබ බොහෝ කරුණු දන්නවා ඇති අතර, පසුගිය මැයි මාසයේදී Huawei සමාගමට අයත් HiSilicon ආයතනය සමඟින් ARM ආයතනය වෙළඳ සබඳතා අවහිර කිරීම පිළිබඳව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Huawei සමාගමේ HiSilicon chipset නිෂ්පාදනය අඩපණ කරමින් ARM ආයතනය ද වෙළඳ සබඳතා අවහිර කරයි
Google සමාගම විසින් Android මෙහෙයුම් පද්ධතිය සඳහා Google Play Services භාවිතාකිරීමේ හැකියාව අවලංගු කිරීමත් [/google-huawei-android-suspension/], තවත් ප්‍රසිද්ධ chip නිෂ්පාදකයන් රැසක් තමන්ගේ සැපයුම් Huawei සමාගමට ලබා නොදීමට කටයුතුකිරීමත් ගැන [/several-chip-companies-have-reportedly-stopped-supplyi…

එම ලිපියේදී අපි සඳහන් කළ ආකාරයට HiSilicon ආයතනය තමන්ගේ chips නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍යය කරනු ලබන තාක්ෂණය සහ processor designs ඇතුළුව බොහෝ දේ සඳහා මේ ARM ආයතනය සතු දැනුම සහ බළපත්‍ර භාවිතා කරන අතර ARM architecture එකට අවශ්‍යය බළපත්‍ර නොමැතිව තමන්ගේ නිෂ්පාදනාගාර වල chipset නිෂ්පාදනය කිරීමට Huawei සමාගමට හැකියාවක් නොමැති වී යන බව වාර්ථා කරනු ලැබුවා.

ප්‍රමුඛ පෙලේ ඇමරිකානු chip නිශ්පාදකයෙකු වන TSMC සමාගම Huawei සමාගමට තවදුරටත් chips සැපයීම අත්හිටුවයි
Huawei සමාගමට පනවා ඇති වෙළඳ තහනම තවත් වසරකට දීර්ඝ කිරීමට ඇමරිකාව විසින් ගත්තීරණයත් සමඟින් චීන තාක්ෂණික දැවැන්තයෙකු වන Huawei සමාගමට, සිය උපාංග වලට chipsetලබාගැනීමට නොහැකිවීමේ ගැටළුවකටද මුහුණ දීමට සිදුවීමේ අවධානමක් ඇති වී තිබෙනවා. ලොව ප්‍රමුඛ පෙලේ chip නිශ්පාදනය කරන ඇමරිකානු සමාගමක් වන TSMS (Taiwa…

එමෙන්ම මේ Huawei HiSilicon chipsets නිෂ්පාදනය කරනු ලැබුවේ TSMC ආයතනය වන අතර මෙය ඇමෙරිකානු තාක්ෂණය භාවිතා කරනු ලබන ආයතනයක් වන බැවින් Huawei සමාගම සමඟ ඇති වෙළඳ කටයුතු අවහිර කිරීමට ඔවුන් හට ද සිදුව තිබෙනවා.

ඒ අනුව TSMC ආයතනය තවදුරටත් Huawei සමාගම වෙනුවෙන් chips නිෂ්පාදනය කිරීම හෝ අලෙවි කිරීම සිදු නොකරනු ලබන බව මේ වන විට තහවුරු කර තිබෙනවා.

මේ අතරතුර පසුගිය දා Huawei සමාගමේ consumer business ඒකකයේ CEO වරයා වන Yu Chengdong ප්‍රකාශ කර සිටියේ 2020 වර්ෂයේ සැප්තැම්බර් මස 15 වැනි දින සිට තවදුරටත් Kirin chipsets නිෂ්පාදනය කිරීම සිදු කළ නොහැකි බව වන අතර එම දිනය ඉහත සඳහන් කළ වෙළඳ සබඳතා වලට තාවකාලිකව ලබාදී තිබුණු සහන කාළය අවසන් වන දිනයයි.

මෙය Huawei සමාගමට ඉතාමත් විශාල පාඩු සහගත තත්ත්වයක් වන නමුත්, තවදුරටත් තමන්ගේ වෙළඳ කටයුතු පවත්වාගෙන යාමට Huawei සමාගම කටයුතු කරනු ලබන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම Huawei සමාගම විසින් ඉදිරියේදී නිෂ්පාදනය කරනු ලබන PC, Tablets, සහ ජංගම දුරකථන ඇතුළු IoT නිෂ්පාදනයන් Android වෙනුවට ඔවුන්ගේ Harmony OS එක මගින් බළගැන්වෙනු ඇති බව ද ඔහු පෙන්වා දෙනු ලැබූ නමුත් මෙය සිදුවීමට නියමිත කාළසීමාවක් පිළිබඳව සඳහනක් කිරීමට ඔහු කටයුතු කර තිබුණේ නැහැ.

කොහොම නමුත් Huawei Mate 40 ජංගම දුරකථනය සුපුරුදු Android මගින් බළගැන්වෙනු ඇති අතර, බොහෝ විට 2021 වර්ෂයේදී නිකුත් කරනු ලබන ජංගම දුරකථන මේ Harmony OS එක හරහා බළගැන්වෙනු ඇති බව Android Authority වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.