Google ආයතනය විසින් තමන්ගේ video conferencing සේවාවක් වන Google Meet සේවාව G Suite හරහා ව්‍යාපාරික හා අධ්‍යාපනික ගනුදෙනුකරුවන් සදහා පමණක් ලබා දී තිබුණත් දැන් එය Google ගිණුමක් ඇති ඕනෑම අයෙකුට භාවිතා කිරීමට හැකියාව ලබාදී ඇත.

මෙමගින් දැන් 100 දෙනෙකු දක්වා පිරිසක් time limit එකකින් තොරව video conferencing සදහා සම්බන්ධ කරගත හැකි නමුත් සැප්තැම්බර් 30 න් පසුව free tier එක භාවිතා කරන්නන් සඳහා එක් call එකක් සඳහා උපරිම කාලය විනාඩි 60 දක්වා සීමා වනු ඇත.

Google ආයතනය විසින් මේ සදහා ආරක්ෂණ පියවරයන් රැසක්ද හදුන්වා දී ඇති බව සදහන් කර ඇති අතර පසුගිය මාසයේ Zoom ආයතනයට සිදුවූ හැකර් ප්‍රහාරය නිසා zoom පරිශීලකයන් රැසකට එම සේවාව අවිශ්වාසදායක බවක් හැගී ඇති නිසා Google ආයතනයට මෙය හොද අවස්ථාවක් වන බව බොහෝ දෙනාගේ මතයයි.

Hangouts Chat, Google Chat ලෙස වෙනස් කිරීමට Google සමාගම කටයුතු කරයි
2020 වර්ෂයේදී ප්‍රධාන Hangouts සේවාව නතර කර දමමින්, Hangouts Meet සහ HangoutChats වෙත තම පරිශීලකයින් යොමු කරවීමට Google සමාගම තීරණය කළ බව අපි මීට පෙර ඔබවදැනුවත් කළා මතක ඇති. 2020 වර්ෂයේදී Google Hangouts නවත්වා දැමීමට Google සමාගම තීරණය කරන ලකුණුGoogleHangouts [https://en.wikipedia.org/wiki/Google_Hangouts…

Google සමාගම විසින් මෙලෙස Google meet ලෙස rename කර ඇත්තේ Google ආයතනය විසින් මින් පෙර හදුන්වා දී තිබූ Hangouts Meet සේවාව වන අතර Google සමාගම මින් පෙර ඔවුන්ගේ Hangouts Chat සේවාවද Google chat ලෙස rename කරනු ලැබූ බව අපි ඔබව මීට පෙර දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.