මෙම වසරේ අප්‍රේල් මාසයේදී ලොව පුරා ඇතිවූ වසංගත තත්ත්වය නිසාවෙන් Google සමාගම විසින් ඔවුන්ගේ Google Meet සේවාව ඕනෑම පුද්ගලයෙකු හට සම්පූර්ණයෙන්ම නොමිලයේ භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Google meet සේවාව ඕනෑම අයෙකු සඳහා නොමිලේ ලබාදීමට Google සමාගම කටයුතු කරයි
Google ආයතනය විසින් තමන්ගේ video conferencing සේවාවක් වන Google Meet[https://meet.google.com/]සේවාව G Suite හරහා ව්‍යාපාරික හා අධ්‍යාපනිකගනුදෙනුකරුවන් සදහා පමණක් ලබා දී තිබුණත් දැන් එය Google ගිණුමක් ඇති ඕනෑම අයෙකුටභාවිතා කිරීමට හැකියාව ලබාදී ඇත. මෙමගින් දැන් 100 දෙනෙකු දක්වා පිරිසක් time limit …

කොහොම නමුත් මෙය ලබාදෙන අවස්ථාවේදී Google සමාගම නිවේදනය කළ පරිදි මීළඟ සැප්තැම්බර් 30 වැනි දින සිට මෙහි free tier එක භාවිතා කරන්නන්ගේ meetings මිනිත්තු 60කට සීමා කිරීමට කටයුතු කෙරෙනවා.

විශේෂයෙන්ම ලොව ප්‍රසිද්ධතම video conferencing සේවාවක් වූ Zoom සේවාවට එල්ල වූ හැකර් ප්‍රහාරයන් සහ එහි වූ ආරක්ෂක දුර්වලතාවයන් මධ්‍යයේ බොහෝ දෙනා මේ Google Meet ‍සේවාව භාවිතා කිරීමට යොමු වූ අතර මෙලෙස ලබාදුන් free tier එක යටතේ පුද්ගලයින් 100ක් දක්වා time limit එකක් නොමැතිව video conferences පවත්වාගෙන යෑමට හැකියාව ලැබුණා.

500,000කට අධික Zoom ගිණුම් හැක් කර Dark Web එක තුළ අලෙවි කර ඇති බව අනාවරණය වෙයි
Coronavirus වසංගතයත් සමඟින් බොහෝ දෙනා නිවසේ සිට වැඩ කිරීම ආරම්භ කළ නිසාවෙන්ව්‍යාපාර, පාසැල් මෙන්ම අනෙකුත් ආයතන වල අවධානය Video Conferencing සේවාවන් වෙතයොමු වුණා. ඒ අතරින් ප්‍රසිද්ධ video සහ web conferencing සේවාවක් වන Zoom සේවාව පසුගිය දින වලලොව පුරා ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ අතර ඒ සමඟින්ම ඒ හ…

මීට අමතරව G Suite සහ G Suite for Education යන සේවාවන් භාවිතා කළ පරිශීලකයින් හට ලබාදී තිබුණු advanced Google Meet video-conferencing හැකියාවන් ද සැප්තැම්බර් 30 වැනිදායින් සහන කාළය අවසන් වී යන අතර එම හැකියාවන් ද අහිමි වී යනවා.

මේ advanced Google Meet video-conferencing capabilities හරහා එක් meeting එකකට සම්බන්ධ කරගත හැකිවූ උපරිම සාමාජිකයින් සංඛ්‍යාව පරිශීලකයින් 250ක් දක්වා වැඩි වූ අතර, එක් domain එකක් හරහා live streams සඳහා සහභාගී කරගත හැකිවූ සාමාජිකයින් සංඛ්‍යාව 100,000 දක්වා වැඩි කර තිබුණා.

මීට අමතරව මේ හරහා ලබාගන්නා meetings record කර ඒවා Google Drive එකට save කිරීමේ පහසුකම ද ලබාදී තිබුණු අතර සාමාන්‍යයෙන් මෙය G Suite Enterprise පරිශීලකයින් හට ලබාදෙනු ලබන පහසුකමක් වෙනවා.

කෙසේ වෙතත් මීළඟ සැප්තැම්බර් 30 වැනි දින සිට ඉහත සඳහන් කළ ආකාරයට ලබාදී තිබුණු සහන කාලය අවසන් වී යන අතර එම තීරණයෙහි කිසිඳු වෙනසක් සිදුව නොමැති බවත්, වෙනසක් සිදුවන්නේ නම් එය ඉදිරියේදී දැනුම්දීමට කටයුතු කරනු ලබන බවත් Google සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ PC Mag වෙබ් අඩවිය භාවිතා කළ හැක.