පසුගිය කාළසීමාව තුලදී Google සමාගමේ keyboard app එක වන Gboard එකට morse code, floating keyboard වැනි විවිධ පහසුකම් රාශියක් එකතු කරන්නට Google සමාගම කටයුතු කළා.

ඒ වගේම ඔන්න දැන් මේ Gboard එකට අමුතුම විදිහේ පහසුකමක් එකතු කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

ගොඩක් වෙලාවට අපේ keyboard එකේ Emojis දහස් ගණනක් තිබුණත් ඒ අතරින් අපිට හරියන විදිහේ emoji එකක් හොයාගන්න ඉතාමත් අපහසුයි. විශේෂයෙන්ම අපේ පෙනුමට ගැලපෙන Emoji එකක් හොයනවා නම් එය ඉතාමත් අපහසු කටයුත්තක් වෙනවා.

මේ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් දැන් Gboard එක හරහා ඔයාගේම මුහුණේ හැ‍ඩය ඇති mini stickers නිර්මාණය කරගතහැකි පහසුකමක් ලබා දෙන්නට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මේ Minis නමින් හැඳින්වෙන sticker pack එක machine learning භාවිතා කරමින් ඔයාගේ මුහුණේ හැඩය හඳුනාගෙන එයට අදාල ලෙස sticker එකක් නිර්මාණය කර දීමට කටයුතු කරනු ලබන අතර ඔයාගේ සමේ වර්ණය, කොණ්ඩයේ පැහැය වැනි විවිධ දේ ඒ ආකාරයෙන්ම හඳුනාගැනීමට මෙයට හැකියාව තිබෙනවා.

මේ ආකාරයට emoji sticker එකක් නිර්මාණය කරදුන් පසු එය ඔබට අවශ්‍යය ආකාරයට තවත් fine tune කරගැනීමට අවස්ථාව ඔබට ලැබෙන අතර ඒ හරහා තව තවත් ඔබේ පෙනුම ගෙන දෙන පරිදි මෙම අදාල sticker එක optimize කිරීමට ඔබට හැකියාව ලැබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් මස 30 වැනිදා සිට මෙම පහසුකම රැගත් update එක Gboard Android සහ iOS සංස්කරණ වලට ලබා දීම ආරම්භ කළ බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog අඩවිය හා xda-developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.