මීට ටික දිනකට පෙර SoundCloud හරහා music tracks සෘජුවම Instagram වලට share කිරීමේ පහසුකම ලබා දීමට කටයුතු කළා මතක ඇති.

ඔන්න දැන් ප්‍රසිද්ධ music platform එකක් වන Shazam එකත් මේ විදිහට තම සේවාවේ තිබෙන ගීත Instagram stories වලට සෘජුවම share කිරීමේ පහසුකම ලබා දීමට කටයුතු කර තිබෙනවා.

Shazam සහ Instagram app වල අළුත්ම versions ඔබේ ජංගම දුරකථනයේ තිබෙනවා නම්, ඕනෑම ගීතයක් Shazam කර එය share කිරීමේ button එක මත tap කිරීම මගින් Instagram නම් අලුත් option එකක් දැකගැනීමට ලැබෙන අතර ඒ මත tap කිරීමෙන් අලුත් Instagram story එකක් ආකාරයෙන් share කිරීමේ අවස්ථාව ලැබෙනවා.

මේ පහසුකම iOS සඳහා ඊයේ දිනයේදීම ලබා දීමට කටයුතු කළත්, Android සඳහා ලබා දීමට තවත් ටික කාලයක් ගතවන බව දැනගන්නට ලැබෙනවා.

මේ Shazam app එක Apple සමාගම විසින් මිලට ගන්නා ලද පුවත අපි ඔබට මීට කලින් වාර්ථා කළා මතක ඇති. එමෙන්ම එය සම්පූර්ණයෙන්ම ads වලින් තොර කිරීමට Apple සමාගම කටයුතු කරනු ලබන බවත් ඔවුන් එහිදි ප්‍රකාශ කර සිටියා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය හා billboard වෙබ් අඩවිය භාවිතා කළ හැක.