Gboard කියන්නේ මේ වන විට Android භාවිතා කරන්නන් අතර මෙන්ම iOS භාවිතා කරන්නන් අතරත් ඉතාමත් ජනප්‍රිය keyboard app එකක්.

විශේෂයෙන්ම මෙහි ඇති විශාල customization options ප්‍රමාණය නිසාවෙන් මෙන්ම එහි ඇති සරළ හා පැහැදිලි බව මෙය මේ තරම් ජනප්‍රිය වීමට හේතු වී තිබෙන බව පැහැදිලි වන අතර මේ වන විට Android මතදී Gboard භාවිතා කරන්නන් හට අලුත් පහසුකමක් හඳුන්වා දීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මේ Gboard වල අලුත්ම සංස්කරණය වන 7.6 version එකත් සමඟ හඳුන්වා දී තිබෙන floating keyboard mode එක හරහා අපි නිතරම භාවිතා කරන ආකාරයේ screen එකේ පහලින් මතුවන keyboard එක වෙනුවට, screen එකේ ඕනෑම තැනකට ගෙන යා හැකි keyboard එකක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

මේ පහසුකම වෙනත් keyboard app වල මීට කලින් ලබා දී තිබුණු බව අපි හැමෝම දන්න කාරණයක් වුණත්, යම් හේතුවක් නිසා බොහෝ දෙනා මේ Gboard app එකට විශාල ඇල්මක් දක්වනවා. ඒ නිසා මේ පහසුකම තමන්ගේ කැමතිම keyboard app එකට ලැබීම එය පරිශීලනය කරන්නන් හට ඉමහත් පහසුවක් ගෙන දෙන්නට සමත් වෙනවා.

මීට ඉහතදී left-handed සහ right-handed mode යන පහසුකම් මෙයට ඇතුලත් කර තිබුණු අතර දැන් මේ floating mode එක හරහා තම keyboard එකේ ප්‍රමාණය වෙනස් කර ගැනීමටද භාවිතා කරන්නාට අවස්ථාව ලැබෙනවා.

එමෙන්ම මේ වන විට මේ අලුත් පහසුකම සහිත update එක Google Play Store හරහා download කරගැනීමට අවස්ථාව ලබා දී තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා androidcentral වෙබ් අඩවිය හා xda-developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.