බොහෝ වෙලාවට අපි Google Play Store එකේ paid apps දුටු විට එහි free version එකක් සොයා ගැනීමට වෙහෙසෙන්නේ අපිට අවශ්‍යය කරන සෑම app එකක්ම මේ විදිහට මිලදීගැනීම අපේ වගේ රටක කෙනෙකුට ටිකක් ආර්ථික වශයෙන් අපහසු නිසා බව අපි කවුරුත් හොඳින් දන්නා කාරණයක්.

ඉතින් මෙන්න මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට Google සමාගම විසින් ඔවුන්ගේ Google Play Store එකට Play Pass නම් වූ අලුත් subscription ක්‍රමයක් හඳුන්වාදීමට සූදානම් වන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

‍මේ අනුව මාසික ගාස්තුවක් ගෙවා මේ Play Pass එක ලබාගත් පසු ඒ යටතේ නම් කරනු ලැබූ සිය ගණනක් premium apps සහ games download කරගැනීමට අදාල පරිශීලකයාට අවස්ථාව ලැබෙනවා.

කොහොම වුණත් මේ පිළිබඳව Google සමාගම තවමත් නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කර නොමැති අතර Google Play Store app එකෙහි source code එක නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම පහසුකම ලබා දීම උදෙසා ඇතුලත් කරනු ලැබූ source code එක හරහා මෙය නිරීක්ෂණය කිරීමට XDA සාමාජිකයෙකු වන Quinny899 විසින් කටයුතු කර තිබෙනවා.

Google Opinion Rewards ගැන සමහර විට ඔබ දැනටමත් දන්නවා ඇති. Google Opinion Rewards කියන්නේ Google සමාගමේ යම් යම් survey වලට පිළිතුරු දීම මගින් rewards ලබාගතහැකි වැඩසටහනක්. නමුත් මෙය ලංකාවට නම් දැනට ලැබෙන්නේ නැහැ.

කොහොම වුණත් මේ Google Opinion Rewards වැඩසටහන හරහා ද මේ පහසුකම ගැන විස්තරයක් ඉදිරිපත් කරමින් එහි පරිශීලකයන්ගේ අදහස් විමසා බැලීමට Google සමාගම පසුගිය දිනක කටයුතු කර තිබෙනවා.

බොහෝ වෙලාවට අපි මේ surveys වල තිබෙන දේවල් ගැන එතරම් සැළකිලිමත් නැතත්, 2016 වර්ෂයේ මාර්තු මාසයේ Google සමාගම විසින් මේ පරිශීලකයන්ගෙන් "N අකුරින් පටන්ගන්නා රසවත් ආහාර" ගැන විමසා තිබූ අතර, ලබා දී තිබූ පිළිතුරු අතරින් "Nougat" වලට වැඩි ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී ඇති බව Android 7 සහ 7.1 වලට ලැබී තිබෙන නම වන "Android Nougat" මගින් තේරුම්ගත හැක.

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා xda-developers වෙබ් අඩවිය සහ bgr වෙබ් අඩවිය භාවිතා කළ හැක.