පසුගිය ජූලි 11 වන දින Google සමාගම ඔවුන්ගේ Gboard එකෙහි Morse code බාවිතා කිරීමේ පහසුකම iOS සඳහා එළිදැක්වුවා.

ඔයාලට මතක ඇති Tania Finlayson ගේ ජීවිත කතාව ඇතුලත් වුණු සංවේදී video එකක් Google සමාගම විසින් Google I/O 2018 එකේ ඉදිරිපත් කළා. ඒ video එක බැලුවා නම් මේ මෝස් කෝඩ් බාවිතා කිරීමට හැකියාව ලැබීම කොයි තරම් වටින දෙයක්ද යන්න වටහා ගැනීමට ඔබට අපහසු නොවනු ඇත.

කොහොම නමුත් Googie I/O 2018 keynote එකෙන් පසුව Android සඳහා මෙහි beta version එකක් නිකුත් කිරීමට ඔවුන් කටයුතු කළා. එමෙන්ම ගතවූ මාස කිහිපය තුල මෙම Gboard එකට එකතු කළ මෝස් කෝඩ් පහසුකම විවිධ ආකාරයෙන් දියුණු කිරීමටත් ඔවුන් කටයුතු කළා.

ඉතින් ඔයත් මේ මෝස් කෝඩ් keyboard එක activate කරගත්තොත් ඔයාට දකින්න ලැබෙන්නේ dot එකක් සහ dash icon එකක් සහිත ප්‍රධාන buttons දෙකක් පමණයි. ඒ වුණත් ඔයා මේ හරහා type කරන විට, එයට අදාල වචන suggest කිරීම සාමාන්‍යය Gboard හරහා සිදු වන ආකාරයටම සිදු වේ.

gboard-morse-techie

මීට අමතරව එම වචන සඳහා වූ මෝස් කෝඩ් එක වචනයට පහලින් දක්වන්නටද ඔවුන් කටයුතු කර තිබෙනවා. ඒ මගින් අළුතින් මේ මෝස් කෝඩ් වලට හුරු වන කෙනෙකුට පහසුවෙන්ම අළුත් වචන බාවිතයට හුරු වීමට අවස්ථාව ලැබෙනවා.

එමෙන්ම ජංගම දුරකථනය හැසිරවීමට නොහැකි තත්ත්වයේ අය වෙනුවෙන් වෙනත් බාහිර switches සඳහා සහාය දක්වන ලෙස මෙම Gboard එකෙහි මෝස් කෝඩ් පහසුකම වැඩිදියුණු කිරීමටත් Google සමාගම කටයුතු කර තිබෙනවා.

ඉතින් ඔයා මේ මෝස් කෝඩ් ඉගෙන ගන්න කැමතියි නම්, ඒ සඳහා කුඩා ක්‍රීඩාවක් නිර්මාණය කිරීමටත් Google සමාගම කටයුතු කරලා තියනවා. පරිගණකයේදී හෝ ඔයාගේ ජංගම දුරකථනයේ සිට play කළ හැකි මෙම game එක මගින් පැයක් වැනි සුළු කාලයක් තුලදී බාවිතා කරන්නාව මෝස් කෝඩ් වලට හුරු කරන්නට සමත් වෙන බවත් ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

Morse Code Game | Gboard on Google Play | Morse Code Support