WhatsApp හරහා දැන්වීම් පල කිරීමට සැලසුමක් ඇති බව Facebook සමාගම විසින් 2018 අග භාගයේදී නිවේදනය කර තිබුණු අතර අපි ඒ ගැන ඔබව දැනුවත් කළා මතක ඇති.

නුදුරේදීම WhatsApp Status වල Ads පෙන්වීමට කටයුතු කරන බව එහි උප සභාපතිවරයා විසින් ප්‍රකාශයක් කරයි
පසුගිය කාලසීමාව ඇතුලත WhatsApp සේවාව සඳහා විවිධ ආකාරයේ පහසුකම් එකතු කිරීමටFacebook සමාගම බොහොම උනන්දුවෙන් කටයුතු කළ බවක් දැකගන්නට ලැබුණු අතර, ඒ මගින්යම්කිසි ආදායමක් ඉපයීමේ ක්‍රමයක් පිළිබඳව මේ වන විට ඔවුන්ගේ අවධානය යොමු වීතිබෙනවා. WhatsApp හරහා Ads පෙන්වීමට කටයුතු කීරීමට තීරණයක් ගෙන[/whatsapp-to…

කෙසේවෙතත් මේ වසර මුලදී Wall Street Journal වෙබ් අඩවිය වාර්තා කළේ Facebook සමාගම WhatsApp හි දැන්වීම් විකිණීමේ සැලසුමෙන් ඉවත්ව සිටින බවත් ඒ වෙනුවට ව්‍යාපාරික පරිශීලකයින් සඳහා WhatsApp Business වලට අදාල විශේෂාංග වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවත්ය.

මීට පෙර WhatsApp, Messenger සහ Instagram යන සේවාවන් ඒකාබද්ධ කිරීමට Facebook සමාගම සූදානම් බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

WhatsApp, Messenger සහ Instagram ඒකාබද්ධ කිරීමට Facebook සමාගම සූදානම් වෙයි
Facebook සමාගම විසින් ඔවුන්ගේ ප්‍රධානතම පණිවිඩ හුවමාරු සේවා 3 වන FacebookMessenger, WhatsApp සහ Instagram එකිනෙක සම්බන්ධ කිරීමට සූදානම් වන බව මේ වන විටවාර්ථා වෙනවා. New York Times පුවත්පතේ[https://www.nytimes.com/2019/01/25/technology/facebook-instagram-whatsapp-messenger.html] වාර්තා වන පරිදි,…

මේ ඒකාබද්ධ කිරීම මගින් WhatsApp දත්ත භාවිතා කරමින් මුදල් ඉපැයීමට ඔවුන් සැළසුම් කර තිබුණත්, මේ සඳහා අනුමාන කරනු ලැබූ කාලයට වඩා වැඩි කාලයක් ගත වන බවත්, 2020 වර්ෂය අවසානයේදී වත් එය සම්පූර්ණ කිරීමට නොහැකි වන බවත් Mark Zuckerberg ප්‍රකාශ කර ඇති අතර මේ හේතුව නිසා WhatsApp හරහා මුදල් ඉපැයීමට වෙනත් ක්‍රමයක් භාවිතා කළ යුතු වන බවට යෝජනා වී තිබෙනවා.

මේ තත්ත්වය හමුවේ Facebook සමාගම විසින් WhatsApp හරහා ads පෙන්වීමට නැවත සැලසුම් කර ඇති බව The Information වෙබ් අඩවිය වාර්ථා කරනු ලබනවා.

Facebook සමාගම සැලසුම් කර ඇත්තේ පරිශීලකයන්ගේ Facebook ගිණුම වල ඇති දුරකථන අංක හා WhatsApp දුරකථන අංක ගැලපීමෙන් WhatsApp හරහා ඉලක්කගත දැන්වීම් පෙන්වීමටයි.

කෙසේ වෙතත්, සමාගම තුළ සිටින සමහර විධායකයින් මෙම සැලැස්මට විරුද්ධ බව වාර්තා වන අතර, එය ඇතැම් WhatsApp පරිශීලකයන් විසින් තම Facebook ගිණුම් මකා දැමීමට හේතු විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Central වෙබ් අඩවිය, The Wall Street Journal වෙබ් අඩවිය හා The information වෙබ් අඩවිය භාවිතා කළ හැක.