මීට වසර දෙකකට පමණ පෙර තෙළිඟු අකුරක් පෙන්වීමේදී ඇති වූ ගැටළුවක් නිසා iOS 11 සංස්කරණය crash වෙන්නට පටන්ගත්තා ගොඩ දෙනෙකුට මතක ඇති.

ඔන්න දැන් ඒ ආකාරයේම අලුත් text එකක් පෙන්වීමේදී මතු වන bug එකක් හඳුනාගෙන ඇති අතර මෙම නව bug එක හරහා සිදුවන්නේ Sindhi බසින් Characters කිහිපයක් පෙන්වීමට උත්සාහ කරන විට iOS එක lockup වී iPhone එක crash වීමයි.

මූලිකව මෙය iMessage සේවාවේ පවතින ගැටළුවක් ලෙස ප්‍රසිද්ධියට පත් වුවත්, පසුව Reddit පරිශීලකයන් මෙන්ම අනෙකුත් sources වලින් ද මෙය ඕනෑම messaging app එකක් හරහා සිදු විය හැකි බව පෙන්වා දෙනු ලැබිණ.

මෙම අක්ශර මාලාවේ characters මේ සතියේදී Discord සහ Telegram හරහා සංසරණය වී ඇති අතර මේ ගැටළුව The Verge මගින් දැනට ලබාදී ඇති අවසාන stable release එක වන iOS 13.4.1 සංස්කරණයේ මත ඇති බව පරීක්ෂා කිරීමෙන් අනතුරුව තහවුරු කර තිබෙනවා.

එමෙන්ම මෙම ගැටළුව බලපාන්නේ iOS 13.4.1 ධාවනය වන iPhone දුරකථනවල පමණක් බවද වැඩිදුරටත් සදහන් වෙනවා.


ඔබගේ දුරකථනය forcefully reboot කිරීමෙන් හෝ iOS Springboard recover වන තෙක් විනාඩියක පමණ කාලයක් බලා සිටීම මගින් මෙම ගැටළුව යථා තත්ත්වයට පත් වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙහි ඇති ප්‍රධාන ගැටලුව වන්නේ software update එකක් හරහා මෙයට විසඳුමක් ලබාදෙන තුරු මෙම Apple උපාංග crash විම වැළැක්වීමට ස්ථාවර ක්‍රමයක් නොමැති වීමයි.

මෙම දෝෂය ප්‍රධාන වශයෙන් විවිධ apps මගින් එන sindhi characters සහිත notifications නිසා සිදු වන බැවින් මෙයින් ගැලවී සිටීමට messaging apps වල notifications තාවකාලිකව disable කල හැකි අතර 9to5Mac වෙබ් අඩවිය සදහන් කරන ආකාරයට අලුත්ම iOS 13.4.5 beta version එක මගින් මෙම ගැටළුව නිරාකරණය කර ඇති බවක් පෙනෙන බැවින් මේ පිළිබඳව apple සමාගම ද දැනුවත් බව අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Appleinsider වෙබ් අඩවිය හා Forbes වෙබ් අඩවිය භාවිතා කළ හැක.