Facebook සමාගම විසින් ඔවුන්ගේ ප්‍රධානතම පණිවිඩ හුවමාරු සේවා 3 වන Facebook Messenger, WhatsApp සහ Instagram එකිනෙක සම්බන්ධ කිරීමට සූදානම් වන බව මේ වන විට වාර්ථා වෙනවා.

New York Times පුවත්පතේ වාර්තා වන පරිදි, Facebook හි ප්‍රධාන විධායක නිලධාරි Mark Zuckerberg විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇති අතර, මෙම අන්තර්ගත කිරීම විශාල වෙනස්කමක ආරම්භය බව ඔහු ප්‍රකාශ කරනවා.

මෙම integration එක අවසන් වීමෙන් පසුව, Facebook Messenger හරහා WhatsApp හෝ Instagram වල සිටින මිතුරෙකු හට සෘජුවම පණිවිඩයක් යැවීමේ හැකියාව ලැබෙන අතර ඒ වෙනුවෙන් තවත් app එකක් open කිරීමට අවශ්‍යය නොවනු ඇත.

මේ ආකාරයට Messenger වලදී පමණක් නොව මේ සේවා තුන අතර ම මේ ආකාරයෙන් පණිවිඩ හුවමාරු කරගැනීමට අවස්ථාව ලැබෙනවා.

එමෙන්ම මේ වෙනස්කම හරහා දැනට භාවිතා කරන app වල කිසිඳු වෙනසක් නොකරන නමුත් මීට අදාල servers වල භාවිතා වෙන තාක්ෂණයන් හා ක්‍රමවේදයන් වල වෙනස්කම් සිදු කෙරෙනු ඇති බවත් ඔහු ප්‍රකශ කරනවා.

මේ වන විට මෙම ක්‍රියාලිය ආරම්භ කර තිබෙන නමුත් මෙය ඉතාමත් අපහසු කටයුත්තක් බැවින් මෙම පහසුකම ලබාදීමට මෙම වසරේ අග හෝ 2020 වර්ෂය පමණ වේවි යැයි අනුමාන කරනු ලබනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා BBC වෙබ් අඩවිය හා The Guardian වෙබ් අඩවිය භාවිතා කළ හැක.