පසුගිය කාලසීමාව ඇතුලත WhatsApp සේවාව සඳහා විවිධ ආකාරයේ පහසුකම් එකතු කිරීමට Facebook සමාගම බොහොම උනන්දුවෙන් කටයුතු කළ බවක් දැකගන්නට ලැබුණු අතර, ඒ මගින් යම්කිසි ආදායමක් ඉපයීමේ ක්‍රමයක් පිළිබඳව මේ වන විට ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

WhatsApp හරහා Ads පෙන්වීමට කටයුතු කීරීමට තීරණයක් ගෙන ඇති බව මීට පෙර ලිපියකින් අප ඔබ වෙත ගෙන එනු ලැබුවා.

ඉතින් මේ පිළිබදව නැවත මතක් කරමින් WhatsApp හි උප සභාපතිවරයා නව දිල්ලියෙහි හි පැවති event එකක් අතරතුර මේ පුවත තහවුරු කරනු ලැබුවා. එමෙන්ම මෙලෙස WhatsApp status stories වල වෙළඳදැන්වීම් පෙන්වීම හරහා ව්‍යපාරියකයන්ට තම ව්‍යාපාර වල ප්‍රචාරණය සිදු කිරීමට කිරීමට මහත් පිටුවහලක් වනු ඇති බවද ඔහු තව දුරටත් කියා සිටියා.

කෙසේ නමුත් මෙය නිකුත් කරන දිනය 2019 වසර තුළ කවරදාද යන්න නම් නිශ්චිත ප්‍රකාශයක් සිදු කිරීමට ඔහු කටයුතු කරනු ලැබුවේ නැහැ.

Facebook සමාගමට අයිති Instant messaging සේවාවක් වන WhatsApp හි Status පහසුකම හදුන්වා දුන්නේ පසුගිය වසරේ මුල් භාගයේ දී වූ නමුත් මීට පෙර මෙලෙස Status upload කළ හැකි පහසුකමක් ලබාදුන් Instagram සහ Snapchat පවා අභිබවා WhatsApp Status සේවාව ජනප්‍රිය වූ අතර බොහෝ දෙනෙක් එදිනෙදා තමන්ට සිතැගි දේ text හෝ image අකාරයට WhatsApp Status හරහා හුවමාරු කර ගැනීමට මේ වන විට පුරුදුව සිටිනවා. මෙලෙස හුවමාරු වන පින්තූර හා text ආදිය encrypted වන අතරම එවා පැය 24ක කාලසීමාවක් ඇතුලත මැකී යාමද WhatsApp Status වලදී සිදු වෙනවා.

තම සේවාව තුල Ads පෙන්වීම පිළබඳව ආරම්භයේ පටන් ම දැඩි ලෙස අකමැති වූ WhatsApp සමාගම ආරම්භ කළ අවදියේ 0.99$ වාර්ෂික ගාස්තුවකට භාවිතා කළ හැකි ක්‍රමයක් ලබා දුන්නත් Facebook සමාගම විසින් මෙය මිලදීගැනීමත් සමඟින් එය නතර කර දැමීමට ඔවුන් පියවර ගනු ලැබුවා.

ඒ අනුව මේ වනතුරු එයින් ආදායමක් ඉපැයීමට වෙනත් කිසිඳු ක්‍රියාමාරගයක් ගැනීමට ඔවුන් අපොහොසත් වූ අතර දැන් ඉහත සදහන් කළ ආකරයට WhatsApp සේවාවට Ads එකතු කිරීමට බලාප‍ොරොත්තු වෙනවා. මේ අනුව බිලියන 1.5ක් පමණ දෙනා දෙනා භාවිතා කරන WhatsApp වලට නුදුරේදීම Facebook හි පවතින Facebook's native advertising system එකේ ආකාරයේ Ads පළවනු ඇත.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය හා xda-developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.