Telegram කියන්නේ දැනට මිලියන 400ක් පමණ active usersලා සහිත messaging app එකක් වගේම අනෙකුත් messaging apps අතර පහසුකම් වලින් ඉතාම පොහොසත් සේවාවක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

මේ වන විට ලොව පවතින video calling සේවාවන් secure හෝ usable යන options ද්විත්වයෙන් වරකට එකක් පමණක් සැපයීමට සමත් වන බවත්, ආරක්ෂිත මෙන්ම ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයේ group video calling සේවාවක් තවමත් දැකගත හැකි නොවන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

කොහොම වුණත්, Telegram ආයතනය විසින් තම Telegram app එක සදහා ආරක්ෂිත group video call සේවාවක් ලබාදීම සදහා මේ වනවිට කටයුතු කරමින් පවතින බවත්, එය මේ වසරේ අග භාගයේදී ලබාදීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කර සිටිනවා.

400 Million Users, 20,000 Stickers, Quizzes 2.0 and €400K for Creators of Educational Tests
Telegram has reached 400,000,000 monthly users, up from 300 million a year ago. Every day at least 1.5 million new users sign up for Telegram. Features like folders, cloud storage and desktop support make Telegram ideal for remote work and study during the quarantine. It’s no wonder Telegram is the…

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ තමන් මෙම පහසුකම ලබාදීමේදී ආරක්ෂාව පිළිබඳව බෙහෙවින් සැලකිලිමත් වන බවයි.

Telegram ආයතනයේ සංඛ්‍යාලේඛන වලට අනුව 2018 වර්ෂය වන විට ඔවුන් හට සිටියේ පරිශීලකයින් මිලියන 200ක් පමණක් වන අතර ඔවුන් වසරක් තුළදී පරිශීලකයන් මිලියන 400ක සන්ධිස්ථානය කරා ලගාවීමට සමත් වූ බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ඔවුන් ප්‍රකාශ කරන්නේ දිනකට අවම වශයෙන් මිලියන 1.5 ක් නව පරිශීලකයින් මෙම සේවාව සඳහා ලියාපදිංචි වෙමින් සිටින බවත්, රටවල් 20 කට අධික සංඛ්‍යාවක වැඩිපුරම බාගත කරන ලද සමාජ මාධ්‍ය යෙදුම, එහෙමත් නැතිනම් social networking app එක මෙය බවත් ය.

මේ පරිශීලකයින් මිලියන 400 කඩයිම පසුකිරීම වෙනුවෙන් අලුත් update එකක් හරහා අලුත් පහසුකම් රාශියක් ලබාදීමට Telegram ආයතනය කටයුතු කර ඇති අතර මේ අලුත් පහසුකම් වලින් එකක් වන Educational Quizz හරහා Educational tests නිර්මාණය කරන්නන් හට ලබාදීම සඳහා යූරෝ 400,000ක මුදලක් වෙන් කිරීමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Telegram නිළ බ්ලොග් අඩවිය භාවිතා කළ හැක.