අමෙරිකානු සම්බාධක ඇතුළුව බොහෝ යුරෝපීය රටවල දැඩි පීඩනයකට හසු ව තිබෙන දැවැන්ත චීන සමාගම දෙකක් වන Huawei හා ZTE සමාගම් පිළිබඳව ඔබ දැනටමත් හොඳින් දන්නවා ඇතැයි අප සිතනවා.

මෙම සමාගම් දෙකම ජංගම දුරකථන නිෂ්පාදනයට අමතරව ලොව ප්‍රමුඛ පෙළේ Network Equipment (පරිගණක ජාලයක උපාංග අතර සන්නිවේදනය සහ අන්තර්ක්‍රියා සඳහා අවශ්‍ය වන විද්‍යුත් උපාංග) සැපයුම්කරුවන් දෙදෙනෙකු වන අතර මෙම ජාත්‍යන්තර තහනම් කිරීම නිසා ඔවුන්ගේ එම වෙළඳපොළවල් වලටද දැඩි අභියෝගයන් වලට මුහුණදීමට සිදුවී තිබෙනවා.

ස්වීඩනයේ 5G network වලට Huawei සහ ZTE සමාගම් වල නිශ්පාදිත උපාංග භාවිතා කිරීම තහනම් කරයි
පසුගිය මාස ගණනක කාලසීමාව තුළදී Huawei සමාගම පිළිබඳව නොයෙකුත් ආකාරයේ පුවත් වාර්තාවූ අතර, මේ වන විට තවත් යුරෝපයීය රටක් වන ස්වීඩනයෙන් ද තවත් වෙළඳ තහනමක් පැනවීමටකටයුතු කර ඇති බව වාර්තා වෙනවා. මේ අනුව ස්වීඩන් තැපැල් හා ටෙලිකොම් අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරමින්ප්‍රකාශ කර සිටින්නේ ඔවුන්ගේ 5G net…

කොහොම වුණත් මෙම කුමන ආකාරයේ තහනම් කිරීම් වලට මුහුණ දුන්නද තවමත් ලොව විශාලතම Network Equipment සැපයුම්කරුවා බවට පත් වීමට Huawei සමාගම සමත්වී තිබෙන අතර එම ලැයිස්තුවේ දෙවැනි තැනට පත්වීමට ZTE සමාගම ද සමත් වී තිබෙනවා.

Huawei, Nokia, Ericsson, ZTE, Cisco, Ciena හා Samsung යනු දැනට සිටින විශාලතම network equipment නිෂ්පාදන සමාගම් වන අතර මෙම සමාගම අතරින් 2020 අවසන් කාර්තුව වන විට සමස්ත වෙළඳපොලෙන් 30% ක් අත්පත් කරගනිමින් Huawei මෙලෙස සිය ඒකාධිකාරය රැක ගැනීමට සමත් වී තිබෙනවා.

මෙහිදී Huawei හා ZTE යන සමාගම් දෙකේම වෙළෙඳපොළ අගය වැඩි වීමක් පෙන්නුම් කරන අතර, මෙම සමාගම්වලට එල්ල වී තිබිණ පීඩනය හමුවේ වැඩි අවස්ථාවන් ලබා ගනිමින් සිටින Nokia, Cisco හා Samsung හා යන සැපයුම්කරුවන්ගේ වෙළඳපොළේ අගය 2019 වසරට සාපේක්ෂව අඩු වී තිබීමද මෙහි කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකියි.

විශේෂයෙන්ම මේ මෙම කාලය තුළ සමස්ථ ලෝකය පුරාම මෙන්ම චීනය තුළද 5G Network එක ව්‍යාප්තවීම අඛණ්ඩව සිදුකිරීමට Network Providers ලා කටයුතු කරමින් සිටීම මෙයට හේතුව විය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙන අතර, චීනය තුළින් ලැබෙන අඛණ්ඩ ඇනවුම් Huawei හා ZTE යන සමාගම් වල වෙළෙඳපොළ ආරක්ෂා වීම සඳහා බලපා තිබෙන බව ඔවුන්ගෙ අදහසයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizchinaවෙබ් අඩවිය සහ Telecomlead වෙබ් අඩවිය භාවිතා කළ හැක.