පසුගිය මාස ගණනක කාලසීමාව තුළදී Huawei සමාගම පිළිබඳව නොයෙකුත් ආකාරයේ පුවත් වාර්තා වූ අතර, මේ වන විට තවත් යුරෝපයීය රටක් වන ස්වීඩනයෙන් ද තවත් වෙළඳ තහනමක් පැනවීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

මේ අනුව ස්වීඩන් තැපැල් හා ටෙලිකොම් අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ ඔවුන්ගේ 5G networks සඳහා තාක්ෂණික උපාංග මිලදීගැනීමේදී Huawei සහ ZTE යන සමාගම් තෝරාගැනීම තහනම් කර ඇති බවයි.

Four companies approved for participation in the 3.5 GHz and 2.3 GHz auctions | PTS
The Swedish Post and Telecom Authority (PTS) has now examined the applications for the spectrum auctions planned to start on 10 November 2020.

එමෙන්ම චීනය යනු ස්වීඩනයට එරෙහිව ඇති විශාලතම ආරක්ෂක තර්ජනයක් වන බව ස්වීඩන් ආාරක්ෂක අංශ වලින් ලැබුණු උපදෙස් වලට අනුකූලව මෙම තීරණය ගැනීමට කටයුතු කළ බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ අනුව ස්වීඩනය තුළ 5G networks ඉදි කිරීමේදී උපාංග මිලදීගැනීම සඳහා Hi3G Access, Net4Mobility, Telia Sverige සහ Teracom යනුවෙන් ආයතන 4ක් නම් කර ඇති අතර මොවුන්ගෙන් මිළගණන් කැඳවීම මීළඟ නොවැම්බර් මස සිට ආරම්භ වනු ඇති බව ද සඳහන් කර සිටිනවා.

මේ වන විට ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය Huawei උපාංග මිලදීගැනීම තහනම් කිරීමට කටයුතු කර ඇති අතර, 2027 වර්ෂය වන විට තම රට තුළ දැනට භාවිතයේ පවතින් Huawei 5G equipments සියල්ලම භාවිතයෙන් ඉවත් කළ යුතු බව ද නියෝග කර තිබෙනවා.

කොහොම නමුත් Huawei සමාගම විසින් ජාතික ආරක්ෂාව පිළිබඳව වන මෙම චෝදනාව යලි යලිත් ප්‍රතික්ෂේප කරන අතර චීන රජය විසින් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ මෙවැනි තීරණයක් ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් පැහැදිලි සාක්ෂි නොමැති බවයි.

ZTE සමාගම මේ පිළිබඳව නිළ වශයෙන් කිසිඳු ප්‍රකාශයක් සිදු කර නොමැති බව ද වාර්තා වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ PTS වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය සහ Reuters වෙබ් අඩවිය භාවිතා කළ හැක.