Google Authenticator පරිශීලකයන් හට නව විශේෂාංග කිහිපයක් සමඟ update එකක් ලබාදීමට Google සමාගම කටයුතු කරමින් සිටින බව මීට පෙර ලිපියකින් අප ඔබව දැනුවත් කළ අතර එම update එක මේ වසර මුලදී Android පරිශීලකයන් හට ලබාදීමටද Google සමාගම කටයුතු කරනු ලැබුවා.

වසර 3කට පසු Google Authenticator app එකට update එකක් ලබාදීමට Google සමාගම කටයුතු කරයි
Google Athenticator යනූ 2FA[https://en.wikipedia.org/wiki/Multi-factor_authentication] නැතහොත් දෙපියවරසත්‍යාපන ක්‍රියාවලිය (පාස්වර්ඩ් එකකට අමතරව තවත් Code එකක්) මගින් තමන්ගේ ගිණුම්ආරක්ශා කිරීම සඳහා යොදාගන්නා ප්‍රධාන app වලින් එකක් බව මේ වන විට අපි හැමෝම දන්නකාරණයක්. කොහොම වුණත් Google සමාගම විස…

මේ වනවිට, Google Authenticator භාවිතා කරන iOS පරිශීලකයන් හටද මෙම update එක ලබාදීමට Google සමාගම කටයුතු කරමින් සිටින අතර iOS පරිශීලකයන් හට Google Authenticator app එකට අවසන් වරට update එකක් ලබාදීමට කටයුතු කර ඇත්තේ 2018 වසරේ වීම විශේෂත්වයක් වෙනවා.

Google Authenticator 3.1 version එකත් සමඟින් redesign කරන ලද පෙනුමක් දැකගැනීමට හැකියාව ලැබෙන අතර නව UI එක මගින් සමස්ත app එකේම තිබූ නිල් පැහැති ඉහළ තීරුව ඉවත් කර විවිධ අංග center වී ඇති සුදු පැහැති UI එකක් දැකගැනීමට හැකියාව ලැබෙනවා.

View post on imgur.com

Android පරිශීලකයන් සඳහා මීට පෙර ලබා දුන් update එකේ මෙන්, iOS පරිශීලකයන් සඳහාද ලබාදී ඇති ප්‍රධානතම විශේෂාංගයක් වන්නේ accounts transfer කිරීමේ හැකියාව වන අතර මෙම නව update එකත් සමඟින් iOS පරිශීලකයන් හටද QR codes හරහා 2FA codes export කිරීමට හෝ import කිරීමට හැකියාව හිමිවෙනවා.

එමෙන්ම, iOS පරිශීලකයන් සඳහා Google Authenitcator version 3.1 දැන් App Store එක හරහා ලබාගැනීමට හැකියාව තිබෙනවා.

‎Google Authenticator
Google Authenticator works with 2-Step Verification for your Google Account to provide an additional layer of security when signing in. With 2-Step Verification, signing into your account will require both your password and a verification code you can generate with this app. Once configured, you ca…
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය සහ macrumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.