360° camera එකක් නොමැතිව Street View data capture කිරීමේ විශේෂාංගයක් පරික්ෂා කිරීමට Google සමාගම කටයුතු කරමින් සිටින බව මීට පෙර ලිපියකින් අපි ඔබ දැනුවත් කලා මතක ඇති.

360° camera එකක් නොමැතිව Street View data capture කිරීමේ විශේෂාංගයක් පරික්ෂා කර බැලීමට Google සමාගම කටයුතු කරයි
Street View යනු Google Maps හරහා navigation කරන බොහෝදෙනෙක් භාවිතා කරන පහසුකමක්වන අතර මේ වනවිට වාර්තා වන ආකාරයට, Google සමාගම විසින් 360° camera එකක් භාවිතයෙන්තොරව street view data capture කරගැනීම සඳහා විශේෂාංගයක් පරික්ෂා කරමින් සිටින බවටවාර්තා වෙනවා. Driving Mode ලෙස හැඳින්වෙන මෙම විශේෂාංගය Goog…

මේ වනවිට, Google සමාගම විසින් ඔබගේ ජංගම දුරකතනය හරහා Street View photos capture කරගැනීමේ හැකියාව Android සඳහා වන Street View app එකට නිළ වශයෙන් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

View post on imgur.com

ඒ අනුව, ARCore-compatible Android devices භාවිතා කරන පරිශීලකයන් හට imagery capture කර Google Street View වෙත publish කිරීමට හැකියාව තිබෙන අතර, Google සමාගම විසින් මෙම විශේෂාංගය මේ වනවිට Toronto, New York, Austin, Nigeria, Indonesia සහ Costa Rica යන රටවල පරිශීලකයන් හට ලබාදීමට කටයුතු කර ඇති අතර මෙම විශේෂාංගය ඉදිරියේදී වෙනත් රටවල් සඳහාද ලබාදීමට Google සමාගම බලාපොරොත්තු වෙනවා.

Now anyone can share their world with Street View
With updates to the Street View app on Android, it’s now easier than ever to collect your own Street View imagery and put it in the right place on Google Maps.

එමෙන්ම, Google සමාගම විසින් ඔවුන්ගේ Street View imagery නොමැති විට මෙසේ user-generated content භාවිතා කරනු ඇති බවටද වැඩිදුරටත් වාර්තා වෙනවා.

මෙම නව beta විශේෂාංගය මාස ගණනක් තිස්සේ පරීක්ෂාවට ලක්ව ඇති අතර, මෙම විශේෂාංගය නිකුත් කිරීමත් සමඟ Street View images ලබාගැනීමට 360° camera එකක් තිබීමේ අවශ්‍යතාවයද මගහැරෙනවා.

මෙම විශේෂාංගයත් සමඟ ඔබ ලබාගන්නා Street View photos වල ඇති මුහුණු සහ බලපත්‍ර තහඩු ආදිය ස්වයංක්‍රීයව බොඳ කිරීමටද කටයුතු කරනු ලබනවා.

Google Street View - Apps on Google Play
Try the new “Video Mode” where you can connect a Ricoh Theta V or Theta Z1 camera and create Street View as you walk, bike, or drive. This new mode records video from your camera and converts it into connected Street View images when you publish to Google Maps. Now you can add new streets and trails…
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Maps blog අඩවිය, The Verge වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.