චිනය හා ඇමරිකාව අතර ඇතිව තිබෙන වෙළද යුද්ධය නිසා මේ වන විට Huawei, ZTE ඇතුළු චීන network equipment නිෂ්පාදකයින් ගේ නිෂ්පාදන ඇමරිකාව තුළ පමණක් නොව, ඇමෙරිකාවේ පීඩනය හමුවේ වෙනත් යුරෝපීය රටවල් විසින්ද තහනම් කරමින් පවතිනවා.

ස්විඩනය, මෙලෙස මෙවැනි තීරණයක් ගත් ආසන්නතම රට වන අතර ඒ පිළිබඳව අප මීට පෙර ලිපියකින් ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති.

ස්වීඩනයේ 5G network වලට Huawei සහ ZTE සමාගම් වල නිශ්පාදිත උපාංග භාවිතා කිරීම තහනම් කරයි
පසුගිය මාස ගණනක කාලසීමාව තුළදී Huawei සමාගම පිළිබඳව නොයෙකුත් ආකාරයේ පුවත් වාර්තාවූ අතර, මේ වන විට තවත් යුරෝපයීය රටක් වන ස්වීඩනයෙන් ද තවත් වෙළඳ තහනමක් පැනවීමටකටයුතු කර ඇති බව වාර්තා වෙනවා. මේ අනුව ස්වීඩන් තැපැල් හා ටෙලිකොම් අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරමින්ප්‍රකාශ කර සිටින්නේ ඔවුන්ගේ 5G net…

චීන සමාගම් වලට මෙම වෙළෙඳපොළ අහිමි වීමත් සමග එය දකුණු කොරියානු තාක්ෂණික දැවැන්තයෙක් වන Samsung සමාගමට හිමි වෙමින් තිබෙන අතර, නවතම වාර්තා පෙන්වා දෙන්නේ ඇමරිකාවේ විශාලතම network provider වන Verizon සමාගම විසින් සිය ජාල සඳහා අවශ්‍ය network kits හා services ලබා ගැනීම සඳහා Samsung සමාගම සමග ඩොලර් බිලියන 6.65 ක අති විශාල ගනුදෙනුවක් සඳහා එකඟ වී ඇති බවයි.

නමුත් මෙහිදී Samsung සමාගමද සිය නිෂ්පාදන සඳහා භාවිතා කරන්නේ චීනය විසින් නිෂ්පාදනය කරන කොටස් වන අතර, මේ නිසා vorison සමාගම විසින් මෙලෙස චීනයේ නිෂ්පාදිත කොටස් යොදා ගනිමින් Network Kits නිෂ්පාදනය නොකර සිටීමට ඇති හැකියාව පිළිබඳව Samsung සමාගමෙන් විමසා තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

නිෂ්පාදන පිරිවැය අඩු වීම හා අවශ්‍ය තරම් නිෂ්පාදන තොග ලබාගැනීමට ඇති හැකියාව නිසා Samsung සමාගම විසින් මෙලෙස චීන සමාගම් වෙත යොමු වී ඇති බව සඳහන් වෙනවා.

කොහොම වුණත් මෙම නවතම පසුබිම නිසා දකුණු කොරියානු සමාගමක් වන Isu Petasys සමාගම විසින් Samsung සමාගමේ මෙම අවශ්‍යතාවය සපුරාලීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙනවා .

Isu Petasys සමාගම විසින් දැනටම එක්සත් ජනපදය පදනම් කරගත් සමාගම් වන Cisco හා Juniper යන සමාගම් සඳහා සැපයුම් සිදු කරමින් සිටින අතර ඒ නිසා ඉදිරියේ දී Samsung සමාගමට Verizon සමාගම සමඟ ගණුදෙනු පවත්වාගෙන යාමට නම් අනිවාර්යයෙන්ම ලාභදායී චීන නිෂ්පාදන අමතක කොට, කොරියානු සමාගම් වෙත යොමුවීමට සිදු වනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Sammobile වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.