Gmail සහ Google Play Store යන Apps සඳහා dark mode එක පරීක්ෂා කරමින් සිටින බව පසුගිය සැප්තැම්බර් මස 12 වැනි දින අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Google සමාගම විසින් නුදුරේදීම Google Play Store එකට Dark Theme එක ලබාදීමට කටයුතු කරන ලකුණු
පසුගිය මැයි මාසයේ පැවති Google I/O 2019 event එක[https://technews.lk/biggest-announcements-from-the-google-i-o-2019-keynote/] අතරතුරදී Android 10 සමඟින් system-wide dark mode එකක් හඳුන්වාදෙන බව Google සමාගමප්‍රකාශ කර සිටි අතර ඒ අනුව සියළුම standard app වලට මේ dark mode එක අන්තර්ගත වනබව ප්‍රකාශ ක…

ඔන්න දැන් iOS සහ Android මත Gmail app එක භාවිතා කරන්නන් හට dark mode පහසු කම ලබාදීමට google සමාගම තීරණය කර ඇති අතර එය සැප්තැම්බර් 24 වනදා සිට පරිශීලකයන් හට ලබා දීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ අනුව Android 10 ​සහ iOS 13​ පරිශීලකයන්ගේ System settings වල ඇති default dark mode​ පහසුකමට අනුරූපව Gmail​ app එකේ ද Dark mode එක enable ​​වීම සිදු වන බව Google​ සමාගම ප්‍රකාශ කරනවා.

මීට අමතරව Pixel phone එකක් භාවිතා කරන්නේ නම් battery saver mode එක enable කළ විට ද මෙම පහසුකම ස්ව්‍යංක්‍රීයව ක්‍රියාත්මක වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Android 10​ සහ iOS 13​ නොවන, එනම් පැරණි සංස්කරණ භාවිතා කරන්නන් හට මෙම පහසුකම දැනටමත් ලැබී ඇත්නම්,  Gmail app ​​එක තුල settings වල අන්තර්ගත වන theme ​යනුවෙන් ඇති option​ එක භාවිතා කිරීමෙන් මෙම Dark mode ​​පහසුකම සක්‍රීය කර ගැනීමට හැකියාව ලැබෙනවා.

​කොහොම නමුත් තවමත් මෙම පහසුකම සියලුම පරිශීලකයන් හට ලැබී නොමැති අතර Google ​සමාගම පවසන ආකාරයට 24​ වැනි දින සිට දින 15ක පමණ කාලයක් ඇතුලත මෙම යාවාත්කාලීන කිරීම සියළුම පරීශීලකයන් හට ලබා ලබාදීමට කටයුතු කරනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.