iOS 13 සංස්කරණය නිළ වශයෙන් නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කළ බවත්, එහි තිබුණු අලුත් පහසුකම් ගැන මෙන්ම දුර්වලතා කිහිපයක් ගැනත් පසුගිය සැප්තැම්බර් 21 වැනි දින අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

මෙම සංස්කරණයේ තිබුණු දුර්වලතා සියල්ලම පාහේ fix කර ඊට පිළියමක් වශයෙන් එහි මීළඟ සංස්කරණය වන iOS 13.1 සංස්කරණය සැප්තැම්බර් 30 වැනි දින නිකුත් කිරීමට තීරණය කර තිබුණ ද ඉහත සඳහන් කළ දුර්වලතා වල ප්‍රභලතාවය හේතුවෙන් මෙය සැප්තැම්බර් 24 වැනි දින නිකුත් කිරීමට Apple සමාගම තීරණය කර තිබුණා.

iOS 13 නිල වශයෙන් නිකුත් වූ අතර iOS 13.1 සංස්කරණය සැප්තැම්බර් 24 වැනි දින නිකුත් කිරීමට සූදානම් වෙයි
පසුගිය සැප්තැම්බර් 19 වැනි ​දින Apple සමාගම විසින් ඔවුන්ගේ beta තත්වයේ තිබූ iOS13 සංස්කරණය නිල වශයෙන් පරිශීලකයන් හට ලබා දීමට කටයුතු කරනු ලැබුවා. WWDC 2019 event එක අතරතුර Apple සමාගම විසින් එළිදැක්වූ වැදගත් දේවල් ගැනදැනගනිමුApple සමාගමේ [https://en.wikipedia.org/wiki/Apple_Inc.] devices සඳහා වන…

මේ අනුව අදාල ගැටළු සියල්ලම පාහේ විසඳමින් iPadOS සංස්කරණය සහ iOS 13.1 සංස්කරණය නිළ වශයෙන් අදාල devices වලට නිකුත් කිරීමට Apple සමාගම ඊයේ දිනයේ කටයුතු කරනු ලැබුවා.

කොහොම වුණත් මේ අලුතින් නිකුත් කළ update එක හරහා ද අලුත් ගැටළුවක් මතු වී ඇති බව වාර්ථා වන අතර Apple සමාගම විසින් මේ පිළිබඳව නිළ නිවේදනයක් ද නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අලුත් ගැටළුව වන්නේ ඔබ භාවිතා කරන 3rd party keyboards, එනම් iOS වල තිබෙන default keyboard එකට අමතරව භාවිතා කරන වෙනත් keyboard apps වලට ඔබ අවසර ලබා දුන්නත් නැතත්, ජංගම දුරකථනයේ full access ලැබෙන බවයි.

About an issue that impacts third-party keyboard apps in iOS 13 and iPadOS
An upcoming software update will fix an issue that impacts third-party keyboard apps. This issue applies only if you’ve installed third-party keyboards on your iPhone, iPad, or iPod touch.

මේ අනුව එවැනි ඕනෑම keyboard එකකට ඔබ ඒ හරහා type කරනු ලබන දේ සියල්ල ඔබේ අවසරයකින් තොරව internet හරහා ඔවුන්ගේ server වෙතට upload කරගැනීමේ හැකියාව ලැබෙනවා.

මෙම ගැටළුව හැකි ඉක්මණින් විසඳීමට කටයුතු කරනු ලබන බව Apple සමාගම දන්වා සිටින අතර මේ වන විටත් iOS 13.2 සංස්කරණය beta testing අවස්ථාවේ තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.