Android Q, එහෙමත් නැතිනම් Android මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය Android 10 යනුවෙන් හැඳින්වීමට කටයුතු කරනු ලබන බවත්, මෙය සැප්තැම්බර් 03 වැනි දින නිළ වශයෙන් Pixel ජංගම දුරකථන වලට නිකුත් කරනු ඇති බවත් අපි ඔබව මීට කලින් දැනුවත් කළා මතක ඇති.

සැප්තැම්බර් මස 3 වැනි දින Pixel ජංගම දුරකථන සඳහා Android 10 නිකුත් කිරීමට සූදානම් වන ලකුණු
Google සමාගම විසින් ඔවුන්ගේ Android මෙහෙයුම් පද්ධතිය අතුරුපස වල නම් වලින්හැඳින්වීමේ සංස්කෘතිය නිමා කරමින්මීළඟ සංස්කරණයේ සිට ඉලක්කමක් භාවිතා කරමින්Android 10 ලෙස නම් කිරීමට තීරණය කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති. ඔන්න දැන් මේ අලුත්ම Android 10 සංස්කරණය මීළඟ සැපැතැම්බර් මස 3 වැනි දින GooglePixel …

බළාපොරොත්තු වූ පරිදි Google සමාගම විසින් ඊයේ දිනයේ ඔවුන්ගේ Google Pixel ජංගම දුරකථන සියල්ලටම Android 10 වල stable සංස්කරණය නිළ වශයෙන් නිකුත් කිරීමට කටයුතු කළ අතර, සුපුරුදු පරිදි Essential සමාගමද ඔවුන්ගේ Essential Phone එකට මේ update එක එදිනම නිකුත් කිරීමට කටයුතු කළා.

Android 10 | Android
All the latest features, improvements, and new controls you get in Android 10. From new privacy controls to support for foldables and 5G.

මීට අමතරව සියල්ලෝම පුදුම කරමින් Xiaomi ආයතනය විසින් ඔවුන්ගේ Redmi K20 Pro ජංගම දුරකථනයට ද එම දිනයේදීම Android 10 සංස්කරණය මත පදනම් වුණු MIUI 10 සංස්කරණය නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

Xiaomi releases stable Android 10 for the Redmi K20 Pro on the same day as Google
Shortly behind Google and Essential, the next OEM to release Android 10 is Xiaomi. They’re rolling it out to the Redmi K20 Pro in China and India.

මේ අනුව Android 10 සංස්කරණය නිළ වශයෙන් නිකුත් කිරීම ආරම්භ කර ඇති අතර, මෙහි source code එක AOSP, එහෙමත් නැතිනම් Android Open Source Project එක වෙත එකතු කිරීමට ද Google සමාගම කටයුතු කර තිබෙනවා.

Source code එක AOSP වෙත upload කිරීමත් සමඟින් Project Treble පහසුකම ඇති ජංගම දුරකථන වලට ඉක්මණින්ම මෙය ලබා දීමටත්, Custom ROM develop කරන්නන් හට ඒ වෙනුවෙන් වැඩකටයුතු ආරම්භ කිරීමටත් හැකියාව ලැබෙන අතර ඉදිරි මාස කිහිපය ඇතුලත බොහෝමයක් පැරණි ජංගම දුරකථන වලටත් මේ හරහා Android 10 සංස්කරණය ස්ථාපනය කිරීමේ අවස්ථාව ලැබෙනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා  නිළ Android වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.