පසුගිය සැප්තැම්බර් 19 වැනි ​දින Apple සමාගම විසින් ඔවුන්ගේ beta තත්වයේ තිබූ iOS 13 සංස්කරණය නිල වශයෙන් පරිශීලකයන් හට ලබා දීමට කටයුතු කරනු ලැබුවා.

WWDC 2019 event එක අතරතුර Apple සමාගම විසින් එළිදැක්වූ වැදගත් දේවල් ගැන දැනගනිමු
Apple සමාගමේ [https://en.wikipedia.org/wiki/Apple_Inc.] devices සඳහා වනsoftware වල සිදුවන වෙනස්කම් එළිදැක්වීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන WWDC event එකේ2019 වර්ෂය සඳහා වූ event එක [https://developer.apple.com/wwdc19/] පසුගිය ජුනි 3වැනිදා පැවැත්වුණා. මෙහිදී Apple සමාගම විසින් එළිදැක්වීමට කටයුතු ක…

පසුගිය ජුනි මස පැවති WWDC 2019 event එක අතරතුරදී පෙන්වාදුන් පරිදි මෙහි ප්‍රධානතම පහසුකම ලෙස system-wide dark mode එක පෙන්වා දිය හැකි අතර Apple Maps, Photos, Reminders, Memoji, Music යන app වල වැඩිදියුණු කිරීම් මෙන්ම Swipable typing පහසුකම keyboard එකට එකතු කිරීම, අලුතින් හඳුන්වා දුන් Privacy feature වැනි තවත් පහසුකම් කිහිපයක්ම මෙයට ඇතුලත් වෙනවා.

විශේෂයෙන්ම iOS 13 සමඟින් එහි keyboard app එකට අලුතින් භාශා 38ක් ඇතුලත් කර ඇති අතර මේ භාශා 38 අතර සිංහළ භාශාවද ඇතුලත් කිරීමට කටයුතු කිරීම ශ්‍රී ලාංකික iOS පරිශීලකයන් හට ඉමහත් පහසුවක් වනු ඇත.

මේ අනුව iOS 13 සංස්කරණය iPhone 11, iPhone 11 Pro, iPhone 11 Pro Max, iPhone XS, iPhone XS Max, iPhone XR, iPhone X, iPhone 8, iPhone 8 Plus, iPhone 7, iPhone 7 Plus, iPhone 6S, iPhone 6S Plus, iPhone SE, iPod touch (seventh generation) යන devices සඳහා ලබාදෙනු ඇති අතර අදාල device එක හරහා මෙම update එක සිදු කිරීමේ හැකියාව පවතිනවා.

How to update to iOS 13 - Official Apple Support
iOS 13 makes your iPhone more powerful, personal, and protected than ever.

මේ වන විට iOS 13 සංස්කරණයෙහි bugs කිහිපයක් හඳුනාගෙන ඇති අතර විශේෂයෙන්ම ඔබ PUBG හෝ Fortnite වැනි game එකක් play කරන්නේ නම්, three-finger press-and-hold gesture පහසුකමෙහි ඇති bug එකක් නිසාවෙන් අදාල game-play එකට බාධා ඇති විය හැකි බව වාර්ථා වෙනවා.

මේ පිළිබඳව නිළ නිවේදනයක් නිකුත් කරමින් PUBG Mobile team එක ප්‍රකාශ කරන්නේ ඔබ game එක play කිරීම සඳහා ඇඟිලි 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් භාවිතා කරන්නේ නම්, දැනට iOS 13 වෙත update නොකරන ලෙසත්, මේ පිළිබඳව Apple සමාගම දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කර ඇති බවත් ය.

මීට අමතරව lock-screen එක bypass කර contact පරීක්ෂා කිරීමේ හැකියාව ලබා දෙන bug එකක් ද ඇතුලත් වන අතර contact එකක් image එක මත 3D touch පහසුකම භාවිතා කිරීමේදී එම app එක crash වීම, Mail app එකේ ඇති ගැටළු වැනි තවත් ගැටළු කිහිපයක්ම සොයාගැනීමට මේ වන විට ලොව පුරා iPhone පරිශීලකයන් සමත් වී තිබෙනවා.

කොහොම වුණත් Apple සමාගම ඔවුන්ගේ මෘදුකාංග වල තිබෙන ගැටළු ඉතාමත් කඩිනමින් fix කිරීමට කටයුතු කරනු ලබන ආයතනයක් ලෙස ප්‍රසිද්ධ සමාගමක් වන අතර මෙම ගැටළු නිරාකරණය කරමින් iOS 13.1 සංස්කරණයේ beta සංස්කරණයක් මේ වන විටත් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව iOS 13.1 සංස්කරණය මීළඟ සැප්තැම්බර් 24 වැනි දින, එනම් තවත් දින තුනකින් ‍එහි stable සංස්කරණයක් නිකුත් කිරීමට ද Apple සමාගම බළාපොරොත්තු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple වෙබ් අඩවිය, CNET වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.