Ultra low-end, එහෙමත් නැතිනම් අඩුම performance ඇති smartphone සඳහා optimize කරන ලද මෙහෙයුම් පද්ධතියක් වශයෙන් Android Oreo වල සිට හඳුන්වාදීමට කටයුතු කර Android Go මෙහෙයුම් පද්ධතියේ අලුත් සංස්කරණය වන Android 10 Go Edition එක මේ වන විට නිකුත් කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

Android (Go edition)
Android (Go edition) is a powerful online experience for entry-level smartphones.

මෙහි පසුගිය සංස්කරණ සියල්ලක්ම පාහේ RAM එක 1GB වලට වඩා අඩු devices ඉලක්ක කරගෙන නිකුත් කරනු ලැබූ අතර මෙම සංස්කරණය 1.5GB RAM එකක් සහිත devices ඉලක්ක කරගෙන නිර්මාණය කර තිබෙනවා.

කොහොම වුණත් මෙම සංස්කරණය මතදී apps අතර මාරු වන speed එක පැරණි සංස්කරණය වන Android Pie Go edition එකට වඩා 10%ක් පමණ වැඩි බවත් මේ හරහා operating system එකේ ආරක්ෂක උපක්‍රම හා RAM එක භාවිතා කරනු ලබන ක්‍රමයෙහි වැඩිදියුණු කිරීම් ගණනාවක් සිදු කර ඇති බවත් Google සමාගම ප්‍රකාශ කරනවා.

විශේෂයෙන්ම පැරණි AES Encryption ක්‍රමය වෙනුවට මෙම වසරේ මුල් භාගයේදී හඳුන්වාදීමට කටයුතු කළ Adiantum නමින් හැඳින්වෙන අලුත් encryption ක්‍රමයක් මේ සමඟ අන්තර්ගත කර ඇති අතර අඩු processing power එකක් සහ වෙනත් විශේෂ hardware කිසිවක් නොමැතිව ජංගම දුරකථනය encrypt කරගැනීමේ හැකියාව මේ හරහා Android Go මෙහෙයුම් පද්ධතිය සහිත devices වලට ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

2018 වර්ෂයේදී මුලින්ම නිකුත් කළ Android Go මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකථන මාදිලි 1,600ක් පමණ නිෂ්පාදකයින් 500ක් පමණ දෙනා විසින් මේ වන විට නිෂ්පාදනය කිරීමට කටයුතු කර ඇති අතර මේවා රටවල් 180ක් අතර පමණ අලෙවි කිරීමට කටයුතු කර තිබෙනවා.

විශේෂයෙන්ම entry level Android phone වලින් 80% ක් පමණ devices මෙම මෙහෙයුම් පද්ධතිය හරහා බළගැන්වෙන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන අතර මේ අලුත් Android 10 Go edition එක සහිත මුල් ජංගම දුරකථනය මෙම වසරේ අවසාන භාගයේදී නිකුත් වන ඇති බවට Google සමාගම බළාපොරොත්තු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක, The Verge වෙබ් අඩවිය හා GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.