පසුගිය මැයි මාසයේ පැවති Google I/O 2019 event එක අතරතුරදී Android 10 සමඟින් system-wide dark mode එකක් හඳුන්වාදෙන බව Google සමාගම ප්‍රකාශ කර සිටි අතර ඒ අනුව සියළුම standard app වලට මේ dark mode එක අන්තර්ගත වන බව ප්‍රකාශ කර සිටියා.

Google I/O 2019 Event එක අතරතුර හඳුන්වා දුන් වැදගත්ම එළිදැක්වීම් ගැන දැනගනිමු
සෑම වසරකම තාක්ෂණික ලෝලීන් සෑමදෙනාගේම පාහ‍ේ අවධානය යොමුවන Event එකක් වන GoogleI/O 2019 Event එක [https://community.technews.lk/d/12-google-i-o/2] පසුගිය 7වැනිදා පැවැත්වීමට Google සමාගම කටයුතු කළා. එමෙන්ම මේ Event එක ගැන සිංහලෙන් විස්තර සහිතව Live අත්දැකීමක්[https://technews.lk/google-io-2019-with-techie-live/…

කොහොම නමුත් Android 10 නිළ වශයෙන් නිකුත් කර මේ වන විට සතියක පමණ කාලයක් ගත වී ඇතත් තවමත් system apps සියල්ලක්ම පාහේ Dark mode එකට සහාය දක්වන බවක් නම් පෙනෙන්නට නැහැ.

Android 10 සංස්කරණය නිළ වශයෙන් Google Pixel, Essential සහ Xiaomi ජංගම දුරකථන වලට නිකුත් කරයි
Android Q, එහෙමත් නැතිනම් Android මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය Android 10යනුවෙන් හැඳින්වීමට කටයුතු කරනු ලබන බවත්[https://technews.lk/android-q-is-android-10/], මෙය සැප්තැම්බර් 03 වැනි දින නිළවශයෙන් Pixel ජංගම දුරකථන වලට නිකුත් කරනු ඇති බවත් අපි ඔබව මීට කලින් දැනුවත් කළාමතක ඇති. සැප්තැම්බර්…

කොහොම නමුත් මේ වන විට Gmail සහ Google Play Store යන apps භාවිතා කරන ඇතැම් පුද්ගලයන් හට dark theme එක enable කිරීමේ හැකියාව ලැබී තිබෙන බව වාර්ථා වන අතර, XDA-Developers වෙබ් අඩවිය විසින් එහි screenshots කිහිපයක් අන්තර්ජාලයට එකතු කිරීමට ද කටයුතු කර තිබෙනවා.

මේ අනුව ඉතාමත් ඉක්මණින්ම මේ dark mode පහසුකම Google Play භාවිතා කරනු ලබන සියළුදෙනා හට ලබාදීමට Google සමාගම කටයුතු කරනු ඇති බව විශ්වාස කළ හැකි වුවත්, මේ පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට හෝ මෙය නිකුත් කිරීමට නියමිත දිනයක් ගැන හෝ කිසිඳු සඳහනක් තවමත් දැනගන්නට ලැබෙන්නේ නැහැ.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.