Xiaomi සමාගමේ Xiaomi Mi Mix දුරකතන පෙළ ඔවුන් සතු සුවිශේෂී දුරකතන පෙළක් වන්නේ සෑම අවස්ථාවකදීම ඒ සඳහා භාවිතා කරන්නා වූ පෙරලිකාර තාක්ෂණයන් සමඟයි.

මෙම මස 24 වැනි දින නිකුත් වූ Mi Mix Alpha ජංගම දුරකථනය ද ඉතා සුවිශේශී උපාංගයක් වූ අතර දුරකතනය වටා එතී ඇති අලංකාර  තිරයකින් මෙම දුරකතනය සමන්විත වේ.

ජංගම දුරකථනය වටා පැතිරුණු display එකක් සහිත වන මෙම ජංගම දුරකථනයේ screen to body ratio අගය 180%ක් වන අතර මේ අනුව මෙවැනි ratio එකක් සහිත ලොව පළමුවැනි ජංගම දුරකථනය ලෙස මේ Mi Mix Alpha ජංගම දුරකථනය ඉතිහාස ගත වෙනවා.

Samsung හා Huawei සමාගම් විසින් ඔවුන්ගේ foldable devices වන Galaxy Fold සහ Huawei Mate X යන devices වල ආකාරයේ නම්‍යශීලී display එකක් මෙයට අන්තර්ගත නොවන අතර Qualcomm Snapdragon 855+ Chipset එකෙන් බලගැන්වෙනවා.

මෙහි ප්‍රධාන camera එක මෙගාපික්සෙල් 108කින් සමන්විත වන අතර 12GB RAM එකක් සහ 512GB internal memory එකක් ද මෙයට අන්තර්ගත කිරීමට Xiaomi සමාගම කටයුතු කර තිබෙනවා.

දුරකතනයේ ඉහළින් හා පහළින් 2.15 mm පමණ වන ඉතාම තුනී bezel එකක් හා පිටුපස කැමරා පටියක් ඇති අතර එය sapphire glass එකකින් ආරක්ෂා කර ඇත. දාර පීඩන සංවේදී වන අතර එමඟින් notification පෙන්වනු ලබනවා.

මෙහි පසුපස display එක භාවිතා වන්නේ පරිශීලකයා විසින් ජංගම දුරකථනය අනෙක් පසට හැරවුවහොත් පමණක් වන අතර අනේ අවස්ථා වලදී එය සාමාන්‍යය ජංගම දුරකථනයක මෙන් පවතිනවා.

එමෙන්ම පිටුපස තිරය AI හැකියාවන්ගෙන් යුතු වන අතර ඔබ සිටිනා ස්ථානය අනුව ඊට අදාල දේවල් පෙන්වීමේ හැකියාව මෙයට තිබෙනවා.

එමෙන්ම ඔබට Selfie සඳහා 108MP කැමරාවක් ලැබෙනු ඇති අතර ප්‍රධාන කැමරාවට විශාල 1/1.33 වර්ගයේ සංවේදකයක් සහ ටෙට්‍රසෙල් තාක්‍ෂණය ඇත. Ultra-wide කැමරාවට අංශක 117 ක පරාසයක් ආවරණය කල හැකි අතර තෙවන කැමරාව 12MP Telephoto කාචයකින් සමන්විත වෙනවා.

මෙම දුරකතයේ ස්වභාවය අනුව මෙය ඉක්මනින්ම බිඳෙන සුලු බව ඔබට සිතෙන නමුත් මෙය ඉතා ශක්තිමත්‍ උපාංගයක් වන බව Xiaomi සමාගම ප්‍රකාශ කරනු ලබනවා.

මෙම නවතම MI සාමාජිකයා 2800$ ක් පමණ ඉතා ඉහළ මිලකට මිල නියම වී ඇති අතර Samsung Galaxy Fold හෝ තවමත් නිකුත් නොකල Huawei Mate X ජංගම දුරකථනයටත් වඩා මෙහි මිල අධික වෙනවා.

මෙය තවමත් concept label එක යටතේ නිර්මාණය කරනු ලබන අතර ඉතාමත් කුඩා ප්‍රමාණයකින් නිෂ්පාදනය සිදු කිරීමටත්, මෙම වසරේ දෙසැම්බර් මස පමණ වන විට mainstream device එකක් වශයෙන් වෙළඳපොලට නිකුත් කිරීමටත් Xiaomi සමාගම සූදානමින් සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ mi.com වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය, TechCrunch වෙබ් අඩවිය හා GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.