මීට පෙර ලිපියක් මගින් Samsung සමාගම විසින් හදුන්වාදුන් ඔවුන්ගේ foldable Device එක වන Samsung Galaxy Fold එක ගැන ඔබ වෙත ගෙන ආවා මතකයේ ඇති.

ඉතින් MWC 2019 - Huawei Event එකේදී ඔවුන්ගේ නවතම foldable device එක වන Huawei mate X වගේම තවත් Devices කිහිපයක්ම හඳුන්වා දෙනු ලැබුවා. ඒ අතරින් කාගේත් සිත් ගත් device එකක් ලෙස Huawei Mate X හඳුන්වා දෙන්න පුලුවන්.

ඉතින් මේ Huawei Mate X Device එක සම්පූර්ණයෙන් දිගහැරිය විට අඟල් 8ක OLED display එකක් වගේම හැකිළවූ විට ඉදිරිපස අඟල් 6.6ක් සහ පසුපස අඟල් 6.38ක් වශයෙන් තමයි දැකගන්න ලැබෙන්නේ. ඒ වගේම මේ Device එකේ thickness එක එහෙමත් නැතනම් දිගඇරී නොමැති අවස්ථාවකදී ඇති ඝනකම 11mm ක් පමණවනවා.

  • 6.6-inch (19.5:9 aspect ratio, 2480 x 1148 resolution) main display, when folded.
  • 6.4-inch (25:9, 2480 x 892) rear display, when folded.
  • 8-inch (8:7.1, 2480 x 2200) main display, when unfolded.

මෙම device එකේ දෙපස එනම් ඉදිරිපස හා පිටුපස බැටරි දෙකක් සහිතව නිර්මාණය කර ඇති අතර මුලු battery ධාරිතාවය 4,500mAh ක් වෙනවා. එමෙන්ම මෙම Device එක Huawei SuperCharge තාක්ෂණය සහිතව නිමවා ඇති අතර විනාඩි 30 ක් තුළ බැටරියෙන් 85% ක් Charge කර ගැනීමටද හැකියාව පවතිනවා.

නවතම Kirin 980 processor එකෙන් බලගැන්වෙන Huawei Mate X එක 5G තාක්ෂණයටද සහයෝගය දක්වනු ලබනවා. ඒ වගේම Samsung Galaxy Fold Device එකෙහි තිබුනාක් මෙන් මෙහි Notch එකක් දැක ගත නෙහැකි අතර ඒ වෙනුවට මොවුන් Slider එක හදුන්වා දී තිබෙනවා.

මෙහි පිටුපස වෙන්කර ඇති Slide එකේ කැමරා තුනක්, fingerprint sensor එකක් වැනි දෑ මෙන්ම Power Share වැනි තවත් Features ගනනාවක් මෙහි අන්තර්ගත වෙනවා.

8GB RAM එකක් හා 512GB storage එකක් සහිතව එන මේ Huawei Mate X Device එක මෙම වර්ෂය මැද පමණ වන විට වෙළඳපොලට නිකුත් වනු ඇති අතර මෙහි මිල යූරෝ 2,299 එනම් $2,612 පමණ වනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීමට The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කරන්න පුලුවන්.