ඊයේ දිනයේ පැවති Samsung Unpacked 2019 event එක අතරතුරදී Samsung සමාගම 2019 වර්ෂය සඳහා ඔවුන්ගේ ජංගම දුරකථන හා අනෙකුත් devices මාලාවක් හඳුන්වා දෙන්නට කටයුතු කළා.

කවුරුත් බළාගෙන සිටි ඔවුන්ගේ ප්‍රථම නම්‍යශීලී ජංගම දුරකථනය වන Galaxy Fold එක මෙන්ම Samsung Galaxy S series එකේ අලුත්ම මාදිලිය වන Galaxy S10 ජංගම දුරකථන මාදිලි කිහිපයක් ද මේ අතරට එකතු වී තිබුණා.

මෙම event එකේ සාරාංශය සටහන් වන ඉහත video එක නැරඹීමෙන් මේ පිළිබඳව ඉතාමත් පැහැදිළි අවබෝධයක් ලබාගත හැකි වනු ඇත.

Samsung Galaxy Fold

Samsung සමාගමේ ප්‍රථම නම්‍යශීලී display එකක් සහිත ජංගම දුරකථනය වන මේ Galaxy Fold device එක 2012 වර්ෂයේ සිට මේ දක්වා කරනු ලැබූ අත්හදාබැලීම් වල ප්‍රතිඵලයක් වන අතර මෙය නවා තිබෙන විට අඟල් 4.6ක් වන ජංගම දුරකථනයක් ද, දිගහැරිය විට අඟල් 7.3ක tablet එකක් ලෙස ද භාවිතා කළ හැකි වෙනවා.

Phone mode එක මත සිටියදී සාමාන්‍යය ලෙස apps open කිරීමේ හැකියාව තිබෙන අතර device එක දිගහැරිය විට අදාල app එක tablet mode එකට මාරු වී සම්පූර්ණ තිරය මත පැතිරී යන ලෙස ක්‍රියාත්මක වන අතර, Samsung සමාගම විසින් මෙම පහසුකම app continuity යන නමින් හඳුන්වනු ලබනවා.

එමෙන්ම මෙහි Tablet mode එකේදී එක වර apps 3ක් multi-window ආකාරයට open කරගෙන වැඩ කටයුතු සිදු කිරීමේ හැකියාව ද අන්තර්ගත වෙනවා.

මේ Galaxy Fold ජංගම දුරකථනය 12GB RAM එකකින් සහ 512GB Internal Storage එකකින් සමන්විත වන අතර පසුපස camera 3ක්, cover එක මත camera 1ක් සහ ඉදිරිපස camera 2ක් වශයෙන් camera 6කින් යුක්ත වෙනවා.

මේ ජංගම දුරකථනය ඇමෙරිකානු ඩොලර් 1,980ක මුදලකට මිළ නියම කරන්නට Samsung සමාගම තීරණය කර තිබෙනවා.

Samsung Galaxy S10

පසුගිය Galaxy S මාදිලි කිහිපය අතර එතරම් වැඩි වෙනස්කමක් දකින්නට නොලැබුණු බව ඔබ දකින්නට ඇති. ‍නමුත් මෙවර Samsung සමාගම විසින් තම Galaxy series එක නවීන තාක්ෂණයෙන් අනූන කරන්නට කටයුතු කර තිබෙන අතර ‍Galaxy S10 ජංගම දුරකථනය Galaxy S10, S10 Plus, S10e සහ S10 5G යනුවෙන් මාදිලි කිහිපයකින් නිකුත් කිරීමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා.

මේ අලුත් Galaxy S10 ජංගම දුරකථනය අඟල් 6.1ක QHD+ Dynamic AMOLED display එකකින් සමන්විත වන අතර  16MP f/2.2 ultra-wide lens එකක්, 12MP f/2.4 telephoto lens එකක් මෙන්ම f/1.5 සහ f/2.4 apertures අතර මාරු විය හැකි 12MP lens එකක් ද වශයෙන් පසුපස camera ත්‍රිත්වයකින් ද, ඉදිරිපස display එක මත camera එකකින් සමන්විත වෙනවා.

මීට අමතරව ලොව ප්‍රථම වතාවට ජංගම දුරකථනයකට අන්තර්ගත කර ඇති Ultrasonic fingerprint scanner එක මේ Samgung Galaxy S10 ජංගම දුරකථනයේ අන්තර්ගත වෙනවා. මෙම sensor එක display එකට යටින් පිහිටා ඇති අතර, OnePlus සහ අනෙකුත් ජංගම දුරකථන වල තිබුණු Optical scanners වලින් මෙය වෙනස් වෙනවා.

Galaxy S10 base model එක 8GB RAM එකකින් සහ 512GB Internal Storage එකකින් සමන්විත වන අතර 3,400mAh ප්‍රමාණයේ battery එකකින් බළගැන්වෙනවා.

මේ සියළුම Galaxy S10 මාදිලි වල headphone jack එක අන්තර්ගත කිරීමටත් මොවුන් කටයුතු කර තිබෙනවා.

මේ ජංගම දුරකථනය ඇමෙරිකානු ඩොලර් 899ක මුදලකට මිළ නියම කරන්නට Samsung සමාගම තීරණය කර තිබෙනවා.

Samsung Galaxy S10 Plus

Galaxy S10 base model එක සමඟ සසඳා බැලූ විට අඟල් 6.4ක විශාලත්වයකින් යුතු QHD+ AMOLED screen එකකින් මෙය සමන්විත වන අතර ඉදිරිපස 8MP සහ 10MP වශයෙන් camera ද්විත්වයක් display එක තුලට ඇතුලත් කරන්නට මොවුන් කටයුතු කර තිබෙනවා.

මීට අමතරව මෙහි Battery power එක 4,100mAh වන අතර 12GB RAM සහ 1TB Internal Storage දක්වා වන මාදිලි වලින් මෙය මිලදීගත හැකි බව Samsung සමාගම පෙන්වා දෙනවා.

මේ ජංගම දුරකථනය ඇමෙරිකානු ඩොලර් 999ක මුදලකට මිළ නියම කරන්නට Samsung සමාගම තීරණය කර තිබෙනවා.

Samsung Galaxy S10e

iPhone XS හඳුන්වාදීමත් සමඟින් Apple සමාගම විසින් iPhone XR ජංගම දුරකථනය හඳුන්වා දෙන්නට කටයුතු කළ ආකාරයට, Samsung සමාගම ද ඔවුන්ගේ Galaxy series එකේ මිලෙන් අඩු මාදිලියක් ද එළිදැක්වීමට කටයුතු කළ අතර එය Galaxy S10e යනුවෙන් හඳුන්වනු ලැබුවා.

5.8-inch Full HD+ AMOLED screen එකකින් මෙය සමන්විත වන නමුත් මෙහි screen එක curved, එනම් edge යනුවෙන් හැඳින්වූ ආකාරයේ display එකක් නොවන බව දැකගන්නට ලැබෙන අතර 16MP f/2.2 ultra-wide camera එකකින් හා aperture එක වෙනස් කළ හැකි  12MP camera එකක් වශයෙන් පසුපස camera ද්විත්වයකින් මෙය සමන්විත වෙනවා.

කොහොම වුණත් අනෙකුත් මාදිලි වල අන්තර්ගත chipset එකම මෙයට ද අන්තර්ගත කිරීමට මොවුන් කටයුතු කර තිබෙන අතර 6GB හෝ 8GB RAM එකකින් ද, 256GB storage එකකින් ද මෙය ලබාගත හැකි වෙනවා.

එමෙන්ම මෙහි අන්තර්ගත වන fingerprint scanner එක in-display fingerprint scanner එකක් නොවන අතර එය ජංගම දුරකථනයේ පසෙකින් අන්තර්ගත කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

මේ ජංගම දුරකථනය ඇමෙරිකානු ඩොලර් 749ක මුදලකට මිළ නියම කරන්නට Samsung සමාගම තීරණය කර තිබෙනවා.


Samsung Galaxy S10 5G

Galaxy S10 ජංගම දුරකථන අතුරින් වඩාත්ම premium මාදිලිය ලෙස මෙය හැඳින්විය හැකි අතර අඟල් 6.7ක් විශාල display එකකින් මෙන්ම 4,500mAh ප්‍රමාණයේ Battery එකකින් මෙම මාදිලිය සමන්විත වෙනවා.

එමෙන්ම මාදිලියේ නමෙහි සඳහන් වන ආකාරයටම මෙම මාදිලියට 5G තාක්ෂණය අන්තර්ගත කර තිබෙන අතර මෙයට පසුපස camera හතරක් අන්තර්ගත කිරීමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා.

ඉදිරිපස හා පසුපස 3D depth-sensing camera දෙකකින් මෙය සමන්විත වන අතර මේ හරහා AR සහ VR වලට අවශ්‍යය පහසුකම් ලබා ගැනීමේ හැකියාව මෙන්ම හොඳ තත්ත්වයේ face recognition පහසුකමක් ලබා ගැනීමටත් හැකියාව ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම මේ ජංගම දුරකථනයට 8GB RAM එකක් සහ 256GB Storage එකක් සමඟින් microSD card slot එකක් ද අන්තර්ගත කිරීමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා.

කොහොම නමුත් මෙම ජංගම දුරකථනය තවමත් වෙළඳපොලට ඉදිරිපත් කරන දිනයක් ගැන නිළ වශයෙන් ප්‍රකාශ කිරීමට Samsung සමාගම කටයුතු කර නැහැ.


Samsung සමාගමේ ජංගම දුරකථන වලට අමතරව ඔවුන්ගේ Smartwatch series එකේ අලුත්ම smartwatch එක වන Galaxy Watch Active smartwatch එක ද මෙම event එක අතරතුරදී එළිදැක්වීමට ඔවුන් කටයුතු කළා.

මේ smartwatch එකට Heart rate monitor එකක් අන්තර්ගත වන අතර මෙයට sleep tracking පහසුකම ද ඇතුලත් වෙනවා. එමෙන්ම මෙය මීටර් 50ක් දක්වා වතුර යට භාවිතා කළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම Samsung Galaxy Fit එහෙමත් නැතිනම් Galaxy Fit E යනුවෙන් හඳුන්වන fitness band එකක් ද මෙම event එක අතරතුරදී එළිදැක්වුණු අතර මෙය 24g තරම් සුළු බරක් සහිතව, ඉතාමත් සැහැල්ලු ලෙස නිෂ්පාදනය කිරීමට ඔවුන් සමත් වී තිබෙනවා.

මෙම fitness band එකට sleep tracking පහසුකම මෙන්ම stress track කිරීමේ පහසුකමක් ද ඇතුලත් වන බව වාර්ථා වෙනවා. එමෙන්ම exercises 6ක් දක්වා හඳුනාගැනීමේ හැකියාව මෙන්ම වරක් charge කළ විට සතියක පමණ කාළසීමාවක් මෙය භාවිතා කළ හැකි බව ඔවුන් ප්‍රකාශ කරනවා.

මීට අමතරව Apple Air Pods වලට සමාන Samsung Galaxy Buds යනුවෙන් හඳුන්වන wireless earbuds යුගලයක් මෙහිදී එළිදැක්වුණු අතර මේ වෙනුවෙන් ලැබෙන case එක හරහා මෙය wireless ක්‍රමයට charge කිරීමේ හැකියාව ද ලැබෙනවා.

විශේෂයෙන්ම S10 ජංගම දුරකථන වල Wireless reverse charging පහසුකම තිබෙන නිසා යන එන ගමන් smartwatch එක, earbuds වැනි දෑ ජංගම දුරකථනය හරහා ම charge කරගැනීමේ හැකියාව ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Samsung වෙබ් අඩවිය, TechRadar වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.