පසුගිය අප්‍රේල් මස පළමුවැනි දින Cloudflare ආයතනය විසින් අලුතින් VPN සේවාවක් හඳුන්වාදීමට සූදානම් වන බව මෙන්ම එය ඔවුන්ගේ 1.1.1.1 app එකට එකතු කිරීමට තීරණය කර ඇති බව අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

1.1.1.1 App එකට free VPN සේවාවක් එකතු කිරීමට Cloudflare සමාගම තීරණය කරයි
මීට අවුරුද්දකට කලින්, එනම් පසුගිය වසරේ අප්‍රේල් පළමුවැනිදා Cloudflare සමාගම[https://en.wikipedia.org/wiki/Cloudflare] විසින් ඔවුන්ගේ 1.1.1.1 DNS සේවාව[https://1.1.1.1/] මහජනයාට භාවිතා කිරීම වෙනුවෙන් නිකුත් කළා මතක ඇති. එම වසරේම නොවැම්බර් මාසයේදී මේ සේවාව Android හා iOS භාවිතා කරන්නන් හට App එක…

ඔන්න දැන්, මේ VPN සේවාව පෙර සඳහන් කළ ආකාරයටම ඔවුන්ගේ 1.1.1.1 mobile app එකට එකතු කිරීමට සහ සියළුම පරිශීලකයන් හට භාවිතා කිරීමේ අවස්ථාව ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මෙහි නොමිලයේ ලබා දෙන සේවාව WARP නමින් හඳුන්වන අතර WARP Plus යනුවෙන් හඳුන්වනු ලබන මුදල් ගෙවා ලබාගතහැකි subscription එකක් ද එළිදැක්වීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

1.1.1.1: Faster & Safer Internet - Apps on Google Play
✌️✌️1.1.1.1 w/ WARP – the free app that makes your Internet more private – ✌️✌️ 1.1.1.1 w/ WARP makes your Internet more private and safer. No one should be able to snoop 🔍 on what you do on the Internet. We’ve created 1.1.1.1 so that you can connect to the Internet securely anytime, anywhere. A…
Android - Google Play
‎1.1.1.1: Faster Internet
1.1.1.1 w/ WARP – the free app that makes your Internet more private. 1.1.1.1 w/ WARP makes your Internet more private and safer. No one should be able to snoop on what you do on the Internet. We’ve created 1.1.1.1 so that you can connect to the Internet securely anytime, anywhere. • A better way …
iOS - Apple App Store

මේ WARP Plus සේවාවට Cloudflare Argo තාක්ෂණය අන්තර්ගත වන අතර, මෙම තාක්ෂණයේදී සිදු වන ක්‍රියාවලිය කෙටියෙන් සඳහන් කරනවා නම්, අදාල පරිශීලකයා විසින් ඉල්ලා සිටින දත්ත අන්තර්ජාලය හරහා ගමන් කිරීමේදී, ඒ සඳහා speed එකෙන් වැඩිම, හොඳම route එක, එහෙමත් නැතිනම් මාර්ගය තෝරා දීමට මෙයට හැකියාව තිබෙනවා.

1.1.1.1 app එක හරහා මේ වෙනුවෙන් ලබා දී තිබූ waiting list එකට එකතු වූ සියල්ලන් හටම WARP Plus සේවාව හරහා නොමිලයේ 10GB ප්‍රමාණයේ bandwidth එකක් ලබාදීමට ද Cloudflare ආයතනය සූදානමින් සිටිනවා.

මීට අමතරව නොමිලයේ ලබා දෙන WARP සේවාව ඔබගේ මිතුරන් හට හඳුන්වාදීම හරහා 1GB බැගින් WARP Plus bandwidth එකක් නොමිලයේ ලබාදීමට ද ඔවුන් තීරණය කර තිබෙනවා.

The Technical Challenges of Building Cloudflare WARP
If you have seen [our other post] you know that we released WARP to the last members of our waiting list today. With WARP our goal was to secure and improve the connection between your mobile devices and the Internet.

මෙම සේවාව පසුගිය අප්‍රේල් මාසයේදී නිවේදනය කළ නමුත් මේ දක්වා එළිදැක්වීමට නොහැකි වීම පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන Cloudflare ආයතනය ඊට හේතු වූ තාක්ෂණික අභියෝගයන් පිළිබඳව ද ඔවුන්ගේ blog එක හරහා නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.


කොහොම වුණත් Opera VPN සේවාව නවතා දැමීමට කටයුතු කිරීමත් සමඟින් නොමිලයේ ලබා දෙන විශ්වාසදායී VPN සේවාවක අවශ්‍යයතාවය තදින් දැණුනු පිරිසට මේ 1.1.1.1 app එක ඉතාමත් හොඳ විකල්පයක් වනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Cloudflare blog එක සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.