වර්තමනයේ ජංගම දුරකථන ආයතන අතර ගොඩක් ජනප්‍රිය චීන සමාගමක් වන Xiaomi ආයතනය විසින් එළිදැක්වූ 10GB RAM එකක් සහිත Xiaomi Mi Mix 3 ගැන අපි ඔබව මීට කලින් දැනුවත් කලා මතක ඇති.

ඉතින් මේ ආරංචිය ඔවුන්ගේ අලුත්ම Smart Phone වලින් එකක් වන Xiaomi Redmi Note 6 Pro ගැනයි.

Qualcomm Snapdragon 636 SoC එකකින් බළගැන්වෙන මේ Xiaomi Redmi Note 6 Pro දුරකථනය, 4GB RAM එකක් සහ 64GB internal storage සහිතව වගේම 6GB RAM හා 64GB internal storage සහිත මාදිලි දෙකකින් මෙය එළිදක්වා තිබෙනවා.

ඒ වගේම 12 MP, 5MP හා depth sensor එකක් සමඟින් එන පසුපස කැමරාවක් වග‍ේම ‍Dual-LED flash එකකුත් මේ කැමරා දෙක අතර දැකගන්න පුලුවන්. එමෙන්ම HDR, panorama පහසුකමත් මෙහි අන්තර්ගත වෙනවා.

ඉදිරිපස කැමරාව 20 MP හා 2 MP කින් යුතු කැමරා දෙකකින් යුක්ත වන අතර depth sensor එකකුත් මෙහි බලාගන්න පුලුවන් ඒ වගේම HDR පහසුකමත් 1080p@30fps දක්වා Video Record කිරීමේ පහසුකමත් මෙහි අන්තර්ගත වෙනවා.

Xiaomi ආයතනය විසින් හදුන්වාදුන් නවතම MIUI 10 හි අලුත් features ගැන අප ඔබව පෙර ලිපියකින් දැනුවත් කරනු ලැබුවා. ඉතින් මේ Xiaomi Redmi Note 6 Pro එකෙත් මේ අලුත්ම Android 8.1 Oreo අඩංගු MIUI operating system හි නව සංස්කරණය වන MIUI 10 මෙහෙයුම් පද්ධතිය දැකගන්න ලැබෙනවා.

MIUI 10

මීට පෙර Xiaomi ආයතනය විසින් නිකුත් කළ Xiaomi Redmi Note 5 Pro දුරකථනය සමග සංසන්දනයේදී මෙහි ඇතැම් විශේෂාංග තරමක් දුරට සමීප ස්වරූපයක් ගන්නා අතර notched display සහ පෙරට වඩා හොඳ කැමරා පද්ධතියක් වගේම පෙරට වඩා හොඳ AI පහසුකම් කිහිපයකින් යුතු වෙනස්කම් දැකගන්න පුලුවන්.

කොහොම වුණත් මේ Xiaomi Redmi Note 6 Pro දුරකථනයේ waterproof පහසුකම නම් දැකගන්න ලැබෙන්නේ නෑ.

ඉතින් මේ Xiaomi Redmi Note 6 Pro smartphone එක නිල වශයෙන් එලිදක්වනු ලැබුවේ 2018, September මස‍යේදී වන අතර මෙය ඉන්දියාවට මෙන්ම නිල වශයෙන් ලංකාවටත් මීට දින කිහිපයකට පෙර ලබා දෙනු ලැබුවා. මෙය ලංකාවෙ මුදලින් රුපියල් 36,000ක පමණ මිළකට මිලදී ගැනීමටද හැකියාවද මේ වන විට පවතිනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.