Microsoft ආයතනය Windows 10 වල default web browser එක වන Microsoft Edge වෙනුවට අලුත් Browser එකක් නිර්මාණය කිරීමට කටයුතු කරනු ලබන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

මේ නිසා Microsoft Edge Browser එක මෙන්ම එය බළගැන්වෙන rendering engine එක වන EdgeHTML එකද භාවිතයෙන් ඉවත් විය හැකි අතර සුපුරුදු නම වන Edge යන නමින්ම මේ අලුත් Browser එක හඳුන්වා දෙනවාද නැද්ද යන්න තවමත් මොවුන් තීරණය කර නැහැ.

සමාන්‍යයෙන් නිතරම වගේ අපි Web Browser එකක් විදියට පාවිච්චි කරන්නේ 3rd Party software එකක්. නමුත් හොද Web Browser එකක් මෙහෙයුම් පද්ධතියටම අන්තර්ගත කරලා තිබෙනවා නම් එය ඉතාමත් හොඳ තත්ත්වයක් වනු ඇති බව බොහෝ දෙනෙකුගේ අදහස වෙනවා.

මේ වෙනකොටත් Microsoft ආයතනය විසින් Google සමාගම විසින් පවත්වාගෙන යන Chromium කියන Open-source project එක පාදක කරගෙන මේ අලුත් Web Browser එක නිර්මාණය කරන්නට තීරණය කර තිබෙනවා.

ඔයාලට මතක ඇති අපි කවුරුත් දන්න Opera Web Browser එකත් ඔවුන්ගේ පැරණි rendering engine එක අතහැර දමා මේ Chromium ව්‍යාපෘතිය පාදක කරගෙන ඔවුන්ගේ Desktop Browser එක සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කළා.

ඒ විතරක් නෙවෙයි, Microsoft ආයතනය විසින් Windows Lite නමින් අලුත්ම Operating System එකක් develop කරනු ලබන බවත් මේ වන විට නිළ නොලත් ආරංචි මාර්ග වලින් වාර්ථා වෙනවා.

Microsoft ලා කියන විදියට Google ආයතනය හදුන්වා දුන්නු Chrome OS එකට හොද අභියෝගයක් වෙන්න මේ අලුත් Windows Lite එකට හැකියාව තිබෙන අතර මෙහි Universal Windows Platform එක වෙනුවෙන් නිර්මාණය කළ Apps සහ Progressive Web Apps පමණක් භාවිතා කළ හැකි වෙනවා.

මේ අලුත් ම Windows Lite මෙහෙයුම් පද්ධතිය මිළ අඩු Laptop හා Tablets වලට යොදාගන්න කටයුතු කරනු ලබන බවත් වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Windows Central වෙබ් අඩවිය, Softpedia වෙබ් අඩවිය හා Gadgets 360 වෙබ් අඩවිය භාවිතා කළ හැක.