පසුගිය ජුනි 07 වන දින Xiaomi ලා එයාලාගේ MIUI operating system එකේ අළුත්ම සංස්කරණය වන MIUI 10 ගැන announce කලා. මෙහිදී වැඩි වශයෙන්ම අවධානයට යොමු වුණේ speed එක, design එක, sounds සහ AI portraits ගැනයි.

Speed

Xiaomi ලා කියන විදිහට මේ MIUI 10 කියන්නේ පරණ MIUI customizations මත පදනම් නොවී, අළුතින්ම design කරන ලද skin එකක්. ඒ වගේම background activity management, launch speed, deep sleep recovery, cache mangement සහ WiFi ඇතුළු තවත් ගොඩක් පැති වලින් optimizations විශාල ප්‍රමාණයක් මේ release එකට ඇතුලත් කරලා තියනවා.

MIUI-10-speed-techie

Design

මේ MIUI 10 එක design කරන විට Xiaomi ලා සැලකිළිමත් වෙලා තියෙන තව දෙයක් තමයි full-screen එහෙමත් නැත්නම් bezel-less phones කියන concept එක. ඉතින් මේ OS එකේ home screen එකට යන්න, back යන්න වගේම recent apps screen එකට යන්නත් බාවිතා වෙන්නේ gesturing system එකක්.

MIUI-10-design-techie

ඒ වගේම recent apps screen එකත් update කිරීමට මොවුන් කටයුතු කරලා තියනවා. screen එකේ මුළු ඉඩ ප්‍රමාණයම දැන් මේ recent apps පෙන්වීමට බාවිතා කරනවා. ඒ වගේම දැනට හරස් අතට scroll කරන්නට සකසා තිබෙන view එක මේ අළුත් version එකේදී තිරස් අතට scroll කිරීමට හැකි වන ලෙස සකසා තිබෙනවා.

MIUI-10-new-recents-techie

මීට අමතරව notification panel එකත් මේ full-screen phones වලට ගැලපෙන ආකාරයට re-design කර තිබෙනවා. ඒ වගේම Weather app එකට Calendar app එකටත් නව පෙනුමක් ලබා දීමටත් මොවුන් කටයුතු කරලා තියනවා.

MIUI-10-apps-techie

Sound

MIUI 10 එකට අළුත් system sounds නිර්මාණය කරන්නත් ඔවුන් අමතක කරලා නැහැ. කණට රිදුම් නොදෙන සාමකාමී nature based sounds එහෙමත් නැත්නම් ස්වාභාවධර්මයේ තිබෙන sounds වලින් තමයි මේ version එක සමන්විත වෙලා තියෙන්නේ.

MIUI-10-sounds-techie

Xiaomi එකේ Product Manager, Sudeep Sahu කියන විදිහට කිසිම notification දෙකකට එකම sound එක යොදාගන්න මොවුන් කටයුතු කරලා නැහැ.

AI portraits

මේ AI portraits ගැන පවසා සිටි Sudeep කියා සිටියේ ඔවුන් සතුව වඩාත් කාර්යයක්ෂම හා ඵලදායී අයුරින් portrait photos ගතහැකි ආකාරයේ deep learning algorithms ඇති බවයි. ඒ වගේම තනි camera එකක් පමණක් ඇති phone වලින් low-light හෝ indoor conditons වලදී පවා bokeh effect එක ලබා ගැනීමට මේ algorithms බාවිතා කිරීමෙන් හැකියාව ලැබෙනවා.

MIUI-10-ai-portraits-techie

For India

මීට අමතරව Xiaomi ලා ඉන්දියාව ඉලක්ක කොටගෙනම නිර්මාණය කරන ලද විශේෂ features කිහිපයකුත් මේ අතර වුණා. මේ අතර Mi Music, Mi Video වගේම Browser app එකත් update කර තිබුණා. ඔවුන්ගේ web browser එකට latest web technology එකක් වෙන PWA සඳහා සහායද ඇතුලත් කොට තිබුණා.

MIUI-10-browser-techie

ඒ වගේම මේ MIUI 10 වලදී payments කරන්න ලේසි පහසු ක්‍රමයකුත් මොවුන් හඳුන්වා දෙනවා. දැන camera එක open කර QR Code එකක් scan කිරීමෙන් පමණක් ඔබට pay කරන්න අවස්ථාව මෙමගින් ලැබෙනවා.

MIUI-10-pay-techie

Messaging app එකටත් දැන් එවන්නා හඳුන්ගැනීමේ පහසුකමක් එකතු කරලා තියනවා. ඒ කියන්නේ ඔයාට Bank එකකින් හරි එහෙමත් නැත්නම් මොකක් හරි service එකකින් හරි messages එනවා නම්, එවන්නාගේ number එක වෙනුවට එම සේවාවේ නම හඳුනාගෙන එය පෙන්වීමට මෙයට හැකියාවක් තියනවා. මේ වගේ services 100 කට අධික ප්‍රමාණයක් මේ MIUI 10 එකට හඳුනගන්න පුළුවන්.

MIUI-10-messaging-techie

Availability

ඉතින් අපි මේ ගැන කතා කලත් තාමාත් මේ version එක release කරලා නැහැ. තව සතියක් විතර ඇතුලත මෙහි beta සංස්කරණයක් devices 20 කට අධික ප්‍රමාණයකට ලබා දීමට මේ Xiaomi සමාගම කටයුතු යොදලා තියනවා. පහතින් සඳහන් වෙන්නේ මේ update එක ලබාගතහැකි devices ලැයිස්තුවයි.

Xiaomi Mi MIX 2, Xiaomi Mi 6, Xiaomi Mi 5s Plus, Xiaomi Mi 5s, Xiaomi Mi 5, Xiaomi Mi 4, Xiaomi Mi 3, Xiaomi Mi Note 2, Xiaomi Mi Max 2, Xiaomi Mi Max, Xiaomi Redmi Note 5 India, Xiaomi Redmi Note 5 Pro, Xiaomi Redmi Note 5A, Xiaomi Redmi Note 5A Prime, Xiaomi Redmi Note 4 MTK, Xiaomi Redmi Note 4X, Xiaomi Redmi Note 3 Qualcomm, Xiaomi Redmi 5, Xiaomi Redmi 5A, Xiaomi Redmi 4, Xiaomi Redmi 4A, Xiaomi Redmi 3S, Xiaomi Redmi Y2, Xiaomi Redmi Y1 Lite, Xiaomi Redmi Y1

ඉතින් ඔයාට මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් මේ ගැන එළිදක්වපු event එකේ replay එක පහලින් බලන්නත් පුළුවන්.