PUBG යනු අපි කවුරුත් දන්නා හදුනන මෑත කාලයේදී ඉතාමත් ජනප්‍රිය වුනු Smart Phone ක්‍රීඩාවක්. ඒ වගේම මේ PUBG Mobile Game එක මේ වසරේ හොඳම Android Game එකට හිමි කිරුළ දිනාගන්නත් සමත් වෙලා තියන බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

එමෙන්ම පසුගිය දිනක Microsoft සමාගම මගින් ඔවුන්ගේ Xbox සඳහා මේ PUBG නොමිලයේ ලබා දීමට කටයුතු කළ පුවතකුත් වාර්ථා වුණා.

Tencent ආයතනය විසින් අලුත්ම PUBG Mobile සංස්කරණය වන PUBG 0.10.0 Beta එක නිකුත් කල බවට ප්‍රකාශ කර තිබෙනවා. මේ නවතම සංස්කරණය ජංගම දුරකථන ක්‍රිඩා තුල විශාල පෙරලියක් කරනු ඇතැයි Tencent ආයතනය වැඩිදුරටත් පවසනවා.

අලුතින්ම හඳුන්වා දුන් Chat Option එක PUBG play කරන විට කණ්ඩායම් හැඟීම් තීව්‍ර කරනු ඇතැයි මොවුන් බළාපොරොත්තු වෙනවා.

PUBG Mobile 0.10.0 Release Note :
  • පරිගණකකය හා Xbox තුල පමණක් දැකිය හැකි වූ MK 47 Mutant එක දැන් Android හා iOS තුලත් දැක ගන්න පුලුවන්. ඒ වගේම 20-bullet clip එකකුත් අලුතින් හඳුන්වලා දිලා තියෙනවා.
MK 47 Mutant එක
  • නවතම සංස්කරණයත් සමගම නිවැරදිම ඉලක්කයට ප්‍රහාරය එල්ල කරන්න Laser Sight Attachment එකක් හදුන්වා දී තිබෙනවා.
Laser Sight Attachment එක
  • දැන් ඔබට පුලුවන් ඔබට පහසු විදියට Screen Layout එක හදා ගන්නත්.
  • කලින් ප්‍රකාශ කළ ආකාරයට Game එක play කර අතරතුර ආකර්ශනීය ලෙස සංවාද වල යෙදීමටත් අලුත් සංස්කරනයත් සමඟින් හැකියාව ලැබෙනවා.
  • තවද කලින් පැවති විවිධ bug කිහිපයක් ද fix කිරීමට ඔවුන් කටයුතු කර ඇති බව තව දුරටත් Tencent ආයතනය පවසනවා.

ඔබට මේ අලුත්ම PUBG 0.10.0 Beta සංස්කරණය මේ වන විට download කරගෙන මෙම අලුත්ම පහසුකම් අත්විඳීමට හැකියාව තිබෙන අතර ඉදිරි සති කිහිපය තුළදී මෙහි stable release එකක් නිකුත් කිරීමට කටයුතු කරන බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරනු ලබනවා.

එමෙන්ම PlayStation 4 සඳහා වන PUBG සංස්කරණය මේ වන විටත් Pre-Order කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර එය මේ මස 7 වැනිදා නිකුත් කිරීමට කටයුතු සූදානම් ව පවතිනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Gadgets 360 වෙබ් අඩවිය හා News18 වෙබ් අඩවිය භාවිතා කළ හැක.