ලෝකයේ මුල් වරට Bezel-less display එකක් එහෙමත් නැත්නම් Full view Display එකක් සහිතව Smart Phone එකක් හදුන්වා දුන් මුල්ම සමාගම ලෙස Mi සමාගම හදුන්වා දෙන්න පුලුවන්.

ඔවුන් මේ අමුතුම අත්දැකීම සිය පාරිභෝගිකයන් හට සමීප කරන්නට කටයුතු කරනු ලැබුවේ ඔවුන්ගේ Xiaomi Mi Mix කියන smartphone එක හඳුන්වා දීමෙනුයි.

ඉතින් මේ හදුන්වාදීමත් සමග Smart Phone වලට පෙනුම නව ආරකට යොමු කළ Mi සමාගම දැන්, ඔවුන්ගේ release වීමට නියමිත අලුත්ම Xiaomi Mi Mix 3 ජංගම දුරකථනය හරහා ද තම පාරිභෝගිකයන් හට තවත් අලුත් අත්දැකීමක් එකතු කිරීමට සූදානම් වෙනවා.

මේ Mi Mix 3 ජංගම දුරකථනයට 10 GB RAM එකක් එකතු කිරීමට Xiaomi සමාගම කටයුතු කර ඇති බව මේ වන විට නිළ වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

එය එසේ වුවහොත් 10GB RAM එකක් සහිතව වෙළඳපොලට එන මුල්ම smartphone එක ලෙස Xiaomi Mi Mix 3 ඉතිහාසයට එක් වනු ඇත.

ඉතින් මේ පිළිබදව ඉඟි සපයන පින්තූරක්  සිය Twitter ගිණුම හරහා ප්‍රසිද්ධ කිරීමට Xiaomi සම නිරිමාතෘවරයෙකු වන donovan sung විසින් කටයුතු කර තිබෙන අතර මේ අලුත්ම Xiaomi Mi Mix 3 එකට 5G පහසුකම ද එකතු කිරීමට Mi සමාගම කටයුතු කර තිබෙන බව මේ අනුව අනුමාන කළ හැකි වෙනවා.

දැනට ලැබී ඇති සියලු තොරතුරු එකතු කර බැලූ කල්හි Xiaomi Mi Mix 3 එක high screen ratio සහිත Qualcomm Snapdragon 845 Processor එකකින් බලගැන්වෙන 10 GB RAM එකක් වගේම advanced 3D facial recognition system එකක් හා in-display fingerprint සහිත bezel-less design එකකින් යුක්ත වනු ඇත.

මේ Xiaomi Mi Mix 3 Smart Phone එක මේ මස, එනම් ඔක්තෝම්බර් 25 වැනි දින නිකුත් වීමට නියමිත වෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා androidauthority වෙබ් අඩවිය හා gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.