WhatsApp හරහා බොහෝ දෙනා අතර forward වන viral messages වල සත්‍ය-අසත්‍යතාවය ඉක්මණින් දැන ගැනීම සඳහා නව පහසුකමක් අත්හදා බැලීමට කටයුතු කරමින් සිටින බව එම සමාගම පසුගියදා ප්‍රකාශ කරනු ලැබුවා.

WhatsApp
WhatsApp Messenger: More than 2 billion people in over 180 countries use WhatsApp to stay in touch with friends and family, anytime and anywhere. WhatsApp is free and offers simple, secure, reliable messaging and calling, available on phones all over the world.

මෙම පහසුකම මගින් පුද්ගලයින් පස් දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් හට forward කර ඇති message එකක් (Whatsapp platform එක මගින් 'forwarded' ලෙස සලකුණු කල messages පමණි) ලැබුණොත් එම message එක අසල විශාලන කාචයක icon එකක් දිස්වනු ඇත.

එම icon එක මත tap කිරීම මගින් message එකෙහි අන්තර්ගතය පිළිබඳව web search එකක් සිදු කර එම message එකෙහි සත්‍ය-අසත්‍යතාවය පිළිබඳව පරිශීලකයාහට ම තීරණය කිරීමට හැකියාව ලබාදීමට WhatsApp ආයතනය සූදානම් වෙනවා.

පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාවලිය මගින් අදාළ message එක පරිශීලකයාගේ web browser එක හරහා search කරන බව මූලිකව පණිවිඩයක් මගින් පෙන්වන අතර මෙම විශේෂාංගය මගින් ඔබගේ messages වල අන්තර්ගතයන් WhatsApp සමාගම වෙත share වීමක් සිදු නොවන බැවින් end-to-end-encryption වලට බාධාවක් සිදු නොවන බව ද XDA-Developers වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

WhatsApp ආයතනය විසින් 2018 දී මුලින්ම forwarded messages සලකුණු කිරීම ආරම්භ කල අතර මෙම වසර මුලදී වරකට එක chat එකකට වඩා වැඩි ගණනකට මෙම messages හුවමාරු කර ගැනීමෙන් වලක්වා ගැනීමෙන් නිතර යොමු කරන messages සඳහා සීමා කිරීම් දැඩි කරනු ලැබුවා.

මෙම නව අංගයත් සමඟින් පරිශීලකයින්ට ඉක්මන් Google search එකක් සිදු කිරීමෙන් forwarded message එකක නිරවද්‍යතාවය බලාගත හැකි වීමත් සමඟින්, අසත්‍ය තොරතුරු පැතිරීම බොහෝදුරට අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව WhatsApp සමාගම අපේක්ෂා කරයි.

මෙම “search the web” option එක මේ වන විට බ්‍රසීලය, ඉතාලිය, අයර්ලන්තය, මෙක්සිකෝව, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල් තුළ Android, iOS සහ WhatsApp Web සඳහා ලබා ගත හැකි බව WhatsApp සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, Tech Crunch වෙබ් අඩවිය සහ නිළ WhatsApp Blog අඩවිය භාවිතා කළ හැක.