WhatsApp ආයතනය විසින් ඔබගේ device එකෙහි storage එක කළමනාකරණය කරගැනීම සඳහා නව පහසුකම් කිහිපයක් ලබාදීමට සූදානම් වන බව මීට පෙර ලිපියකින් අප ඔබව දැනුවත් කළා මතක ඇති.

අඩු storage එකක් සහිත devices වල storage එක කළමනාකරණය කරගැනීම සඳහා නව පහසුකම් කිහිපයක් ලබාදීමට WhatsApp ආයතනය සූදානම් වෙයි
WhatsApp සතුව දැනට තිබෙන storage usage පහසුකම හරහා අදාල chats සඳහා වෙන වෙනමඒවායේ ඇති දත්ත වල ප්‍රමාණය, එනම් එම chat එකක size එක MB කොපමණක්ද යන්න පෙන්වනුලබනවා. මෙම පහසුකම තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා WhatsApp ආයතනය කටයුතු කරමින් සිටිනබවට මේ වන විට වාර්තා වී ඇති අතර ඒ අනුව Storage Usage option …

මේ වනවිට WhatsApp පරිශීලකයන් හට මෙම redesign කළ storage management tool එක හඳුන්වාදීමට WhatsApp ආයතනය කටයුතු කර තිබෙන අතර Settings > Storage and data > Manage storage වෙත පිවිසීමෙන් ඔබට මෙම tool එක භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.

ඔබ නව storage management tool එක විවෘත කළ විට, ඉහළින් නව bar එකක් දැකගැනීමට හැකිවන අතර එම bar එකෙන් ඔබගේ උපාංගයේ දැනට භාවිතා කර ඇති storage එක සහ free space එක පිළිබඳව විස්තර දැකගැනීමට හැකියාව තිබෙනවා.

එමෙන්ම, 5MB වලට වඩා විශාල files සහ කිහිප වතාවක්ම forward කළ media files delete කිරීම සඳහා වෙනම section එකක්ද මේ සඳහා හඳුන්වාදී තිබෙනවා.

මෙම storage management tool එක විශේෂයෙන්ම අවම storage එකක් සහිත ජංගම දුරකතන භාවිතා කරන පරිශීලකයින් හට ප්‍රයෝජනවත් වනු ඇති අතර මෙම විශේෂාංගය දැනටමත් සියලුම Android සහ iOS භාවිතා කරන WhatsApp පරිශීලකයන් සඳහා ලබාගැනීමට හැකියාව තිබෙන බවද වාර්තා වෙනවා.

WhatsApp Messenger - Apps on Google Play
WhatsApp from Facebook WhatsApp Messenger is a FREE messaging app available for Android and other smartphones. WhatsApp uses your phone’s Internet connection (4G/3G/2G/EDGE or Wi-Fi, as available) to let you message and call friends and family. Switch from SMS to WhatsApp to send and receive messag…
‎WhatsApp Messenger
Simple. Reliable. Secure. — WhatsApp from Facebook WhatsApp Messenger is a FREE messaging app available for iPhone and other smartphones. WhatsApp uses your phone’s Internet connection (4G/3G/2G/EDGE or Wi-Fi, as available) to let you message and call friends and family. Switch from SMS to WhatsApp…
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.