Samsung සමාගමේ මීළඟ flagship line-up එක වන Galaxy S21 Series එක සාමාන්‍යයෙන් නිකුත් කරන කාල රාමුවට වඩා කලින් නිකුත් කරනු ඇති බව හා ඊට බලපාන ලද හේතු සම්බන්ධයෙන් වන විස්තරයක් ද සහිතව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Samsung සමාගමේ මීළඟ flagship ජංගම දුරකථනය වන Galaxy S21 (S30) මාදිලිය මීළඟ ජනවාරි මාසයේදී එළිදැක්වීමට සූදානම් වන ලකුණු
Samsung සමාගම සතු ප්‍රධානම flagship මාදිලි ද්විත්වය වන්නේ Galaxy S series එක හාGalaxy Note series එක වන අතර සාමාන්‍යයෙන් S series එක සෑම වසරකම මාර්තු මාසයේදීත්Note series එක සෑම වසරකම අගෝස්තු හෝ සැප්තැම්බර් කාලයේ දී නිකුත් කරන බව ඔබදැනටමත් දන්නා කාරණාවක් වෙනවා. දැනට 2020 වසරට අදාළව මෙම ‍flagship…

එම පුවත තහවුරු වන ආකාරයේ තොරතුරු මේ වන විට නිකුත් වෙමින් තිබෙන අතර ජනප්‍රිය Twitter Leaker කෙනෙකු වන Jon Prosser විසින් Samsung Galaxy S21 series එක එළැඹෙන 2021 ජනවාරි මාසයේ දී හඳුන්වා දෙනු ඇති බවට තොරතුරු වාර්තා කර තිබෙනවා.

Twitter සටහනක් තබමින් ඔහු පවසන්නේ S21 Series එක 2021 ජනවාරි 14 වැනි දින නිවේදනයක් නිකුත් කරනු ඇති බවත් එදින සිටම Pre Orders සිදු කිරීමට හැකියාව ලබාදෙනු ඇති බවත් 2021 ජනවාරි 29 වන දින online event එකක් ඔස්සේ එළිදැක්වීමට කටයුතු කරනු ලබන බවත්ය.

ඇතැමුන් මෙම Series එක Galaxy S30 ලෙස නම් වෙනු ඇති බව අනුමාන කර තිබුණද මෙම සටහනට අනුව එය Galaxy S21 ලෙස නම් කර තිඛෙන බව පෙනෙන්නට තිබෙන අතර ඒ අනුව S30 Series එක සඳහා 2030 වන තෙක් බලා සිටීමට සිදු වෙන බවද අනුමාන කළ හැකි වෙනවා.

Galaxy S21 Series එක, S21, S21+ හා S21 Ultra ලෙස මාදිලි තුනකින් හඳුන්වාදෙනු ඇති අතර Black, White, Grey, Silver, Violet, හා Pink යන වර්ණ රටාවලින් නිකුත් කිරීමටද නියමිත වන බව වාර්තා වෙනවා.

ඒ වගේම සුපුරුදු ලෙස වෙළෙඳපොළ අනුව Snapdragon 875 හා Exnoys 2100 යන chipset මඟින් මෙම දුරකථන පෙළ බලගන්වා ඇති අතර මෙම chipset දෙකම 5nm process එක මත නිපදවා තිබෙන බැවින් S20 හා Note 20 Series වලට වඩා සෑම අතින්ම වඩා වඩාත් ඉහළ කාර්යක්ෂමතාවයක් දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

එමෙන්ම S21 Series එක සතු මාදිලි තුනේම punch hole selfie කැමරාවක් හා S21/S21 Plus මාදිලි වල පිටුපස Triple Camera setup එකකුත් Ultra මාදිලියේ අමතර කැමරාවක් සමඟ Quad Camera Setup එකක් ද ඇතුළත් වෙනු ඇති බව දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.